ඉස්සරහට ඡන්දය ඉල්ලන්න පොලිස් වාර්තාව අනිවාර්යයි

ඉදිරි මැතිවරණවලට නාමයෝජනා ලබා දීමේදී මත්ද්‍රව්‍ය ජාවාරම් හා සංවිධානාත්මක අපරාධ වැරදිවලට සම්බන්ධද නැද්ද යන්න පිළිබඳව සොයා බැලීම සඳහා අනිවාර්යෙන්ම පොලිස් වාර්තාවක් ලබා ගන්නා බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසයි.

ඉදිරියේදී පළාත් සභා මැතිවරණය පැවැත්වීමට නියමිතව ඇති බැවින්, ඒ සඳහා නාමයෝජනා ලබා දීම සහ ඉදිරිපත් වන ආකාරය පිළිබඳව පක්ෂයක් ලෙස තීන්දුවක් ගත යුතු බව මන්ත්‍රීවරයා සඳහන් කළේය.

ඒ සම්බන්ධයෙන් තම පක්ෂය සමග කටයුතු කළ සහෝදර දේශපාලන පක්ෂ, වමේ හා අනෙකුත් දේශපාලන පක්ෂවල නායකයන් බොහොමයක් සමග සාකච්ඡා කර තීරණයක් ගන්නා බව හෙතෙම පැවසීය.

මැතිවරණයට දින තීන්දු වූ පසු, මැතිවරණයට තරග කරන ආකාරය පිළිබඳව ප්‍රකාශ කරන බවත්, කෙසේ නමුත් ශක්තිමත් දේශපාලන පක්ෂයක් ලෙස ඉදිරිපත් වන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ වැඩිදුරටත් සඳහන් කළේය

Share this post :

Facebook
Twitter
LinkedIn
Pinterest

Leave a Reply

Your email address will not be published. Required fields are marked *