කැබිනට් සංශෝධනයට අදාල ගැසට්ටුව නිකුත් වෙයි

රජයේ පළමු කැබිනට් සංශෝධනය අනුව සංශෝධනය වූ අමාත්‍යධුර සහ නියෝජ්‍ය අමාත්‍යධුර සම්බන්ධව ගැසට් නිවේදනය මේ වන විට නිකුත් වී තිබේ.

ජනාධිපති ලේකම් ආචාර්ය එන්.එස්. කුමනායක මහතා විසින් අදාළ ගැසට් නිවේදනය ඊයේ (11) දිනයේදී නිකුත් කර ඇත. 

පසුගිය 10 වැනිදා පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැති කැබිනට් සංශෝධනය අනුව නව අමාත්‍යවරු තිදෙනෙකු සහ නියෝජ්‍ය අමාත්‍යවරු 10 දෙනෙකු ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දුන්නේය.

ඒ අනුව ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය ලෙස කටයුතු කළ බිමල් රත්නායක මහතාගෙන් වරාය හා සිවිල් ගුවන්සේවා ඉවත් කර ඇති අතර, ඒ වෙනුවට නාගරික සංවර්ධන අමාත්‍යාංශය එක් කර තිබුණු අතර ඒ අනුව ඔහු එම අමාත්‍ය ධුරයේ එදින දිවුරුම් දුනි.

බිමල් රත්නායක මහතාගෙන් ඉවත්කළ වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශය අනුර කරුණාතිලක මහතාට ලබා දී ඇති අතර මීට පෙර නාගරික සංවර්ධන, ඉදිකිරීම් සහ නිවාස අමාත්‍ය ලෙස කටයුතු කළ ඒ මහතා වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය ලෙස  දිවුරුම් දුන්නේය.

එමෙන්ම අනුර කරුණාතිලක මහතාගෙන් ඉවත්කළ ඉදිකිරීම් සහ නිවාස අමාත්‍ය ධුරය, නියෝජ්‍ය අමාත්‍ය ලෙස කටයුතු කළ වෛද්‍ය එච්.එම්. සුසිල් රණසිංහ මහතාට ලබා දී ඇත.

ඒ අනුව ඉඩම් සහ වාරිමාර්ග නියෝජ්‍ය අමාත්‍යවරයාව සිටි සුසිල් රණසිංහ මහතා නිවාස, ඉදිකිරීම් සහ ජලසම්පාදන අමාත්‍ය ලෙසද ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දුන්නේය.

මීට පෙර කිසිදු අමාත්‍ය ධුරයක් නොදැරූ ආචාර්ය කෞෂල්‍යා ආරියරත්න, දිනිඳු සමන් කුමාර, නිශාන්ත ජයවීර සහ එම්. එම්. අයි. අර්කම් යන අය නියෝජ්‍ය අමාත්‍යවරුන් ලෙස දිවුරුම් දී දුන් අතර ඔවුන්ගේ අමාත්‍යධුර සම්බන්ධව ගැසට් නිවේදනය ඒ අනුව මෙලෙස නිකුත් වී ඇත.

 

 

Share this post :

Facebook
Twitter
LinkedIn
Pinterest

Leave a Reply

Your email address will not be published. Required fields are marked *