Filmfare Awards 2025 – හොඳම නිලිය ආලියා බාත්

බොලිවුඩයේ දැවැන්තම සිනමා සම්මාන උළෙල ලෙස සැලකෙන ‘Filmfare Awards’ අති උත්කර්ෂවත් අන්දමින් ඉන්දියාවේ අහමදාබාද් හිදී පැවැත්විය. 70 වන වරට පැවති මෙවර සම්මාන උළෙල සඳහා බොලිවුඩ් සුපිරි නළු නිළියන්, චිත්‍රපට නිෂ්පාදකවරුන්, අධ්‍යක්ෂවරුන් ඇතුළු සිනමා ක්ෂේත්‍රයට සම්බන්ධ විශාල පිරිසක් එක්ව සිටි බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ. එහිදී 2025 වසරේ හොඳම චිත්‍රපටය ලෙස ‘Laapataa Ladies’ සිනමා පටයසම්මානයට පාත්‍ර […]

මේ වසර තුළ වතු කම්කරු දෛනික වැටුප වැඩි කරනවා

වතු කම්කරු ප්‍රජාවේ දෛනික වැටුප මෙම වසර (2025) තුළදී රුපියල් 1,750 දක්වා ඉහළ නැංවීමට රජය කටයුතු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රකාශ කළේය. ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ අද ( 12) පෙරවරුවේ බණ්ඩාරවෙලදී පැවැති කඳුකර මලයගම් ප්‍රජාවේ ප්‍රතිලාභීන් 2,000ක් සඳහා නිවාසලාභී හිමිකම් පත් ප්‍රදානයේ කිරීමේ උත්සවයට එක්වෙමිනි. ඉන්දීය ආධාර යටතේ ක්‍රියාත්මක නිවාස 10,000ක් ඉදිකිරීමේ […]

ගල්කිස්ස සිදුවීම CCTV ඔස්සේ විමර්ශනයට

ගල්කිස්ස අධිකරණ භූමිය තුළදී පොලිස් නිලධාරියෙක් නීතීඥවරයෙකුට පහරදුන් බව කියන සිදුවීම සම්බන්ධයෙන් CCTV දර්ශන ඔස්සේ ඉදිරි විමර්ශන කටයුතු සිදු කරන ලෙස ගල්කිස්ස අතිරේක මහෙස්ත්‍රාත්වරයා නියෝග කර තිබේ. පසුගිය 10වනදා නීතීඥවරයෙකුගේ කාර් රථයක් පිටතට ගැනීමේදී ඇති වූ සිද්ධියකදී පොලිස් නිලධාරියෙකු විසින් නීතීඥවරයෙකුට පහරදුන් බවට කරන ලද පැමිණිල්ලක් අනුව ගල්කිස්ස පොලිස් ස්ථානය මගින් අදාළ පොලිස් නිලධාරියා අත්අඩංගුවට ගනු […]

වතු කම්කරුවන්ගේ දෛනික වැටුප ගැන ඇමතිගෙන් පොරොන්දුවක්

වතු කම්කරුවන්ගේ දෛනික වැටුප සඳහා රජය පොරොන්දු වූ රුපියල් 1,700 ලබා දීමට රජය කැප වෙන බව  වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා පවසයි. කඳුකර මලයගම් ප්‍රජාවගේ නිවාසලාභීත්ව හිමිකම් පත් ලබා දීමේ වැඩසටහන ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රධානත්වයෙන් අද (12) බණ්ඩාරවෙල මහජන ක්‍රීඩාංගනයේදී පැවැති අතර ඒ සඳහා එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය. […]

ඉතිහාසය වෙනස් කල නැමීබියාව

දකුණු අප්‍රිකාව සහ නැමීබියාව අතර ඊයේ (11) පැවැති පන්දුවාර 20 තරගය ජය ගැනීමට නැමීබියා කණ්ඩායම සමත්ව තිබෙනවා. ඒ ප්‍රබල දකුණු අප්‍රිකානු කණ්ඩායම කඩුළු 04කින් පරාජය කරමින් වන අතර, මෙම තරගය නැබීමියාව දකුණු අප්‍රිකාව සමඟ ක්‍රීඩාකළ පළමු තරගය වීමත් විශේෂත්වයක්. එහිදී අද තරගයේ කාසියේ වාසියෙන් පළමුව පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකාව නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුළු 08ක් […]

මැදපෙරදිගට මෙන් සාමයට මැදිහත් වෙන්න – යුක්රේනය, ට්‍රම්ප්ගෙන් ඉල්ලයි

‘මැදපෙරදිග’ මෙන් යුක්රේනයේ සාමය සඳහා ද මැදිහත් වන ලෙස යුක්රේන ජනාධිපති වොලොඩිමියර් සෙලෙන්ස්කි ඩොනල්ඩ් ට්‍රම්ප්ගෙන් ඉල්ලා තිබෙනවා. ඒ, දුරකථන ඇමතුමක් අතරතුරයි. එක් යුද්ධයක් නැවැත්විය හැකි නම්, අනෙක් යුද්ධයන් ද නැවැත්වීමට අමෙරිකානු ජනාධිපතිවරයාට හැකියාව ඇති බවයි යුක්‍රේන ජනාධිපතිවරයා එහිදිී පවසා ඇත්තේ.‍ රුසියාව, යුක්රේනයේ බලශක්ති ජාලයට මහා පරිමාණ ප්‍රහාරයක් දියත් කිරීමෙන් දිනකට පසුව එම ඇමතුම ලබාගෙන ඇති […]

ගල්කිස්ස අධිකරණයේ සිද්ධියට නීතිඥවරයෙකුට එරෙහිව පොලිස් විමර්ශනයක්

ගල්කිස්ස අධිකරණ භූමියේදී පොලිස් නිලධාරියෙකු විසින් නීතීඥවරයෙකුට පහරදුන් බව කියන සිදුවීමට අදාලව නීතීඥවරයා සමඟ පැමිණි තවත් ජ්‍යෙෂ්ඨ නීතීඥවරයෙකු සම්බන්ධයෙන් ගල්කිස්ස මූලස්ථාන පොලිසිය විසින් විමර්ශන ආරම්භ කර ඇතැයි පොලිස් මූලස්ථානය පවසනවා. ඒ අනුව අදාල ජ්‍යෙෂ්ඨ නීතීඥවරයා පොලිස් නිලධාරියාට බැණ තර්ජනය කර ඔහුගේ රාජකාරියට සාපරාධී බලහත්කාරය පෑම සම්බන්ධයෙන් මෙම විමර්ශනය ආරාම්භ කර ඇති බවයි පොලිස් මූලස්ථානය නිවේදනයක් […]

නීතිඥ සංගමය හා පොලිසිය මත ගැටුමක

ගල්කිස්ස අධිකරණ පරිශ්‍රය තුළදී පොලිස් කොස්තාපල්වරයෙකු විසින් නීතිඥවරයෙකුට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් දැඩි අප්‍රසාදය පළ කරන බව ශ්‍රී ලංකා නීතිඥ සංගමය ප්‍රකාශ කරනවා. ඒ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් එම සංගමය සඳහන් කරන්නේ පොලිස් නිලධාරීන් ඕනෑම පුද්ගලයෙකුට එරෙහිව බලය යෙදවීමට විරුද්ධව දැඩිව පෙනී සිටින බවයි. අනාගතයේදී මෙවැනි සිදුවීම් වළක්වා ගැනීමට වගබලාගන්නා ලෙසද නීතිඥ සංගමය පොලිස්පතිවරයාගෙන් ඉල්ලා සිටිනවා. […]

මහින්ද සහ මෛත්‍රි ආරක්‍ෂක රථ ඉල්ලයි

හිටපු ජනාධිපතිවරුන් වන මහින්ද රාජපක්ෂ සහ මෛත්‍රීපාල සිරිසේන මහත්වරුන් විසින් තම ආරක්ෂක කටයුතු සඳහා රජයට භාර දුන් වාහන යළි ලබා දෙන ලෙස ඉල්ලීම් කර ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල පවසයි. අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ, මෙම ඉල්ලීම් මේ වන විට මහජන ආරක්ෂක අමාත්‍යාංශය විසින් සමලෝචනය කරමින් සිටින බවයි. කෙසේවෙතත් පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් කරමින් අමාත්‍ය විජේපාල […]

අගමැති හරිනි චීනයට

අගමැති හරිනි අමරසූරිය “කාන්තාවන් පිළිබඳ ගෝලීය නායකයින්ගේ සමුළුව 2025” සඳහා සහභාගී වීම පිණිස ඊයේ (11) රාත්‍රියේ දිවයිනෙන් පිටත්ව ගොස් ඇත. මහජන චීන සමූහාණ්ඩුවේ නිල ආරාධනයකට අනුව අග්‍රාමාත්‍යවරිය මෙම චාරිකාව සඳහා පිටත් වූ අතර, ඇය අද (12) සිට ලබන 15 වැනිදා දක්වා චීනයේ සංචාරය කිරීමට නියමිතය. බීජිංහිදී පැවැත්වෙන මෙම ගෝලීය සමුළුව, චීන රජය සහ බීජිං හි එක්සත් ජාතීන්ගේ […]