කේන් විලියම්සන් ජාත්‍යන්තර T20 පිටියෙන් සමුගනියි

නවසීලන්තයෙන් බිහිවු විශිෂ්ඨ ක්‍රිකට් ක්‍රීඩකයෙක් වන කේන් විලියම්සන් වහාම ක්‍රියාත්මක වන පරිදි ජාත්‍යන්තර විස්සයි විස්ස පිටියෙන් විශ්‍රාම ගොස් තිබෙනවා.

නවසීලන්ත කණ්ඩායමේ හිටපු විස්සයි විස්ස නායකයා වන ඔහු විස්සයි විස්ස තරග 93ක් ක්‍රීඩා කර ඇති අතර අර්ධ ශතක 18ක් සමඟින් ලකුණු 2575ක් ලබා ඇති බවයි සඳහන් වෙන්නේ.

තවත් මාස කිහිපයකින් ශ්‍රි ලංකාවේ සහ ඉන්දියාවේ පැවැත්වීමට නියමිත 2026 විස්සයි20 ලෝක කුසලානයට මාස කිහිපයකට පෙර ඔහු මෙම තීරණයට පැමිණ තිබීම විශේෂත්වයක්.

35 වන වියේ පසුවන විලියම්සන් සිය විශ්‍රාම ගැනීමෙන් පසු ඔහු පවසා සිටියේ “මෙය නිවැරදි වේලාවක් බවත්, නවක ක්‍රීකයින්ට ඉදිරියට යන්න අවස්ථාව ලබා දීම මට වැදගත්,” යනුවෙනි.

ඔහු තවදුරටත් ටෙස්ට් තරග ආකෘතියේ ක්‍රීඩා කරන බව සඳහන්.

Share this post :

Facebook
Twitter
LinkedIn
Pinterest

Leave a Reply

Your email address will not be published. Required fields are marked *