ඥානසාර හිමියන් වෙනුවෙන් ‘සිවුරට යුක්තිය – නිදහසේ පා ගමන ‘ අද කොළඹට

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට නිදහස ලබාදෙන ලෙස ඉල්ලා ආරම්භ කළ නිදහසේ පාද යාත්‍රාවේ අවසන් දිනය අදයි.

ඊයේ පාද යාත්‍රාව පස්වැනි දිනට නිට්ටඹුව නගරයෙන් ආරම්භ කර කඩවත නගරයට පැමිණියා.

ඒ අනුව එය අද කඩවත සිට කොළඹ දක්වා පැමිණීමට නියමිතයි.

මේ අතර, බන්ධනාගාරගත භික්ෂූන් වහන්සේට පිටතට පැමිණීමේදී චීවරය පැළඳීමට අවස්ථාව ලබාදීමට තීන්දු කළ ආකාරයටම සිය පාගමන කොළඹට පැමිණෙන අවස්ථාව වන විට ඥානසාර හිමියන් නිදහස් කිරීමට කටයුතු කළ යුතු බව පූජ්‍ය උලපනේ සුමංගල හිමියන් ප්‍රකාශ කළා.

ඒ කඩවත දී පාද යාත්‍රාව ඊයේ නිමාවට පත්වන අවස්ථාවට එක්වෙමින්.

Share this post :

Facebook
Twitter
LinkedIn
Pinterest

Leave a Reply

Your email address will not be published. Required fields are marked *