දෙහිත් ගණන් උස්සයි

මෙ දිනවල දඹුල්ල විශේෂ ආර්ථික මධ්‍යස්ථානයේ දෙහි කිලෝවක් රුපියල් 1700ත් 1800ත් අතර මිලකට අලෙවි වන බව දඹුල්ල වෙළඳ සංගමයේ සභාපති පී. ඒ. සිරිවර්ධන පවසයි.

දෙහි අස්වැන්න අඩුවීම හා ඉල්ලුමට සරිලන සැපයුම ලබා දීමට නොහැකි වීම දෙහි මිල ඉහළ යාමට හේතු වී ඇති බවද සභාපතිවරයා කියයි.

වට්ටක්කා කිලෝවක තොග මිල රුපියල් 30 සිට 60 දක්වා ඉහළ ගොස් ඇති බව ද හෙතෙම පවසයි.

සභාපතිවරයා වැඩිදුරටත් පවසන්නේ වම්බටු කිලෝව රුපියල් 230කට ද, බීට් කිලෝව රුපියල් 50-60 ත් අතර මිලකට ද, තක්කාලි කිලෝව රුපියල් 110ක මිලකට ද, බණ්ඩක්කා කිලෝව රුපියල් 160ක මිලටක ද, නෝකෝල් කිලෝව 130ක මිලකට අලෙවි වන බවයි.

Share this post :

Facebook
Twitter
LinkedIn
Pinterest

Leave a Reply

Your email address will not be published. Required fields are marked *