අත්අඩංගුවට ගත් මහින්දගේ PSO රිමාන්ඩ්

අල්ලස් කොමිසම මගින් අත්අඩංගුවට ගත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධාන ආරක්ෂක නිලධාරී නෙවිල් වන්නිආරච්චි මේ මස 17 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය අද (2) නියම කළේය. අල්ලස් කොමිසමේ නිලධාරීන් හා සැකකරුගේ නීතිඥවරු විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අසංක එස් බෝදරගම මහතා මෙම නියෝගය නිකුත් […]

ඔහු ගැන කණගාටුයි..! මගේ දරුවා ඔවුන්ගේ අරමුණකට පාවිච්චි කරනවා

“ඔහු ගැන කණගාටුයි..! යම් පිරිසක් මගේ දරුවා ඔවුන්ගේ අරමුණකට පාවිච්චි කරනවා.” අනුර විදානගමගේ (කජ්ජා) ගේ බිරිඳ චෝදනා කරයි. තාජුඩීන්ගේ මරණය සිද්ධ වූ දා, තාජුඩීන් ගමන් ගත් මෝටර් රථය හඹාගිය පිරිස අතර තම සැමියා වන අනුර විදානගමගේ හෙවත් කජ්ජා සිට ඇති බව, කජ්ජාගේ බිරිද විසින් හදුනාගෙන තිබුණි. එම ප්‍රවෘත්තිය රට තුළ මහත් ආන්දෝලනයක් ඇති කළ අතර, […]

දෙහිත් ගණන් උස්සයි

මෙ දිනවල දඹුල්ල විශේෂ ආර්ථික මධ්‍යස්ථානයේ දෙහි කිලෝවක් රුපියල් 1700ත් 1800ත් අතර මිලකට අලෙවි වන බව දඹුල්ල වෙළඳ සංගමයේ සභාපති පී. ඒ. සිරිවර්ධන පවසයි. දෙහි අස්වැන්න අඩුවීම හා ඉල්ලුමට සරිලන සැපයුම ලබා දීමට නොහැකි වීම දෙහි මිල ඉහළ යාමට හේතු වී ඇති බවද සභාපතිවරයා කියයි. වට්ටක්කා කිලෝවක තොග මිල රුපියල් 30 සිට 60 දක්වා ඉහළ ගොස් […]

එලොන් මස්ක්ගෙන් තවත් වාර්තාවක්

ටෙස්ලා මෝටර් රථ සමාගමේප්‍රධාන විධායක නිලධාරී එලොන් මස්ක් ඩොලර් බිලියන 500කට ආසන්න ශුද්ධ වත්කමක්ලබාගත් ලොව පළමු පුද්ගලයා බවට පත්ව තිබෙනවා. මෙම වාර්තාගත ධනය ඉහළ යාමට හේතු වී ඇත්තේ විද්‍යුත් වාහන (EV) සමාගමේ කොටස් යළිත් ඉහළ යාම සහ මෙම වසරේදී ඔහුගේ අනෙකුත් ආරම්භක සමාගම්වල (startups) වටිනාකම් වේගයෙන් ඉහළ යාමයි.  ෆෝබ්ස් සඟරාව නිකුත් කරන කෝටිපතියන්ගේ දර්ශකයට අනුව, ඊයේ පස්වරුව […]

හිටපු ජනාධිපති මහින්දගේ ප්‍රධාන ආරක්ෂක නිලධාරීයා අත්අඩංගුවට

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධාන ආරක්ෂක නිලධාරියා අල්ලස් කොමිසමවිසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.අද පෙරවරුවේ ප්‍රකාශයක් ලබාදීම සඳහා අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටි අවස්ථාවේ අදාළ අත්අඩංගුවට ගැනීම සිදු කර ඇති බවයි වාර්තා වන්නේ. අයථා වත්කම් උපයා ගැනීමට අදාළ සිද්ධියක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දීම සදහා ඔහු පසුගිය වසරේ දෙසැම්බර් මාසයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට ද කැදවා තිබුණා.

දිනූ කුලානය අවශ්‍යනම් මගේ කාර්යාලයට පැමිණ එය ගෙන යන්න

“දිනූ කුලානය අවශ්‍යනම් ඩුබායි හී මගේ කාර්යාලයට පැමිණ එය ගෙන යන්න..!” ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ සභාපති මෝසිං නක්වී ඉන්දියාවට කියයි. සියතින් භාර ගැනීම ප්‍රතික්ෂේප කළ ආසියානු කුසලානය, එය දිනූ ඉන්දීය කණ්ඩායමට අවශ්‍ය ඕනෑම මොහොතක ප්‍රධානය කිරීමට සූදානම් බව, ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ සභාපති මෝසිං නක්වී පවසයි. 2025 ආසියානු ක්‍රිකට් කුසලානය දිනූ ඉන්දීය කණ්ඩායම, එම කුසලානය, ආසියානු ක්‍රිකට් […]

ශ්‍රී ලංකාව ඇතුළු කලාපීය රටවල් සමග ගනුදෙනු ඉන්දීය රුපියල්වලින්

ශ්‍රී ලංකාව ඇතුළු කලාපීය රටවල් සමග සිදුකරන වෙළෙඳ ගනුදෙනුවල දී ඉන්දීය රුපියල් භාවිත කිරීමට ඉන්දීය මහ බැංකුව තීරණය කර තිබේ. ශ්‍රී ලංකාව, නේපාලය සහ භූතානය රටවල් සමග සිදුකරන වෙළෙඳ ගනුදෙනුවලදී මෙලෙස ඉන්දීය රුපියල් භාවිත කිරීමට තීරණය කර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය. ඊට අමතරව අදාළ රටවල් සඳහා ලබාදෙන ණය මුදල් ද ඉන්දියානු රුපියල් මඟින් […]

ලොව ප්‍රකට චින්පන්සි පර්යේෂිකාව මියයයි

චිම්පන්සි සත්ත්වයන් පිළිබඳ පර්යේෂණ සහ අධ්‍යයනයන් සිදුකිරීම සම්බන්ධයෙන් ලොව ප්‍රකට විශේෂඥවරියක වන ජේන් ගෝඩෙල් අභාවප්‍රාප්ත වී තිබේ. අමෙරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ සංචාරයක නිරතව සිටියදී ඇය අභාවප්‍රාප්ත වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. මිය යන විට ඇය 91 හැවිරිදි වියේ පසු වුණි. චිම්පන්සීන් සහ මිනිසුන් අතර පවතින සම්බන්ධතාව සම්බන්ධයෙන් ඇය විසින් සිදුකළ පරීක්ෂණවලින් කරුණු රැසක් අනාවරණය […]

කජ්ජාගේ පුත්‍රයාගෙන් මාධ්‍යයට පාපොච්චාරණයක්

රගර් ක්‍රීඩක වසීම් තජුඩීන් මියගොස් සිටි රථයට පිටුපසින් ගමන්ගත් සැකකටයුතු රථයක අරුණ විදානගමගේ හෙවත් කජ්ජා සිට ඇතැයි ඔහුගේ බිරිඳ කළ අනාවරණය සම්බන්ධයෙන් කජ්ජාගේ වැඩිමහල් පුත්‍රයා ඊයේ (01) සමාජ මාධ්‍ය හා විද්‍යුත් මාධ්‍ය හමුවේ ප්‍රකාශයක් සිදුකළේය. විමර්ශනයට අදාළ CCTV දර්ශන කජ්ජාගේ සහෝදර සහෝදරියන්ට පෙන්වා එහි සිටින්නේ ඔවුන්ගේ සහෝදරයාදැයි විමසීමට කටයුතු නොකරන්නේ ඇයිදැයි ඔහු පොලීසියෙන් විමසා සිටියි. […]