නාමල්ගේ පෞද්ගලික ලේකම්ගේ නිවසට අල්ලසෙන් පනී..

රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂගේ පෞද්ගලික ලේකම් සංජේ සමරසිංහගේ ගල්කිස්ස පිහිටි නිවස අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව, පොලිසිය සහ පොලිස් විශේෂ කාර්ය බලකාය එක්ව සෝදිසියට ලක් කර ඇති බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ මාධ්‍ය ප්‍රකාශක නීතිඥ මනෝජ් ගමගේ ප්‍රකාශ කරනවා.

ඊයේ (16) රාත්‍රී 10.30 පමණ ආරම්භ වූ මෙම සෝදිසි කිරීම අද (17) අලුයම 4.30 පමණ වන තෙක් පැවති බවත්, නිලධාරීන් විසින් මුළු නිවසම පරීක්ෂාවට ලක් කරමින් ප්‍රකාශ සටහන් කරගෙන ඇති බවත් නීතිඥ මනෝජ් ගමගේ සඳහන් කළා.

කෙසේ වෙතත්, මෙම පරීක්ෂාව සිදුකිරීමට හේතුව හෝ ඒ සම්බන්ධයෙන් නිල වශයෙන් වැඩිදුර තොරතුරු ලබාදීමට ආයතන කටයුතු කර නොමැති බවත්, ඒ පිළිබඳව දහවල් වන විට වැඩිදුර තොරතුරු අනාවරණය කරන බවත් නීතිඥවරයා වැඩිදුරටත් සඳහන් කරනු ලැබුවා.

Share this post :

Facebook
Twitter
LinkedIn
Pinterest

Leave a Reply

Your email address will not be published. Required fields are marked *