නාමල්ට එරෙහි ක්‍රිෂ් නඩුව විභාගයට දින දෙයි

ක්‍රිෂ් ගනුදෙනුව සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට එරෙහිව පවරා ඇති නඩුව ලබන ජූලි මස 07 වැනිදා සිට විභාගයට ගැනීමට කොළඹ මහාධිකරණය අද (29) නියෝග කළා.

නීතිපතිවරයා විසින් ගොනු කර තිබෙන මෙම අධිචෝදනා පත්‍රයට අදාළව, දීර්ඝ කාලයක් තිස්සේ පවත්වාගෙන යනු ලැබූ පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණ ක්‍රියාවලිය අද දින නිල වශයෙන් අවසන් කිරීමට අධිකරණය  පියවර ගෙන තිබෙනවා.

ඉන් අනතුරුව , මෙහි සාක්ෂි විභාග කිරීම ඇතුළු ප්‍රධාන නඩු විභාග කටයුතු එළඹෙන ජූලි මස 07 වැනිදා සිට අඛණ්ඩව ඉදිරියට පවත්වාගෙන යාම සඳහා කොළඹ මහාධිකරණය විසින් මෙලෙස දින නියම කරනු ලැබුවා.

මෙම නඩුව මඟින් නාමල් රාජපක්ෂ මහතාට එරෙහිව මූල්‍ය අවභාවිතය ඇතුළු චෝදනා කිහිපයක් යටතේ නීතිපතිවරයා විසින් මහාධිකරණය හමුවේ නඩු පවරා තිබෙනවා.

Share this post :

Facebook
Twitter
LinkedIn
Pinterest

Leave a Reply

Your email address will not be published. Required fields are marked *