පළාත් සභා ඡන්දය ගැන මැතිවරණ කොමිසමේ සභාපති කට අරී

ඉදිරි පළාත් සභා මැතිවරණය සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට මැතිවරණ කොමිෂන් සභාවට කිසිදු බලයක් නැති බව එහි සභාපති ආනන්ද රත්නායක මහතා පවසයි.

ඒ අනුව පාර්ලිමේන්තුව විසින් පළාත් සභා පනත සංශෝධනය කරන තෙක් පළාත් සභා මැතිවරණය සම්බන්ධයෙන් කිසිවක් ප්‍රකාශ කළ නොහැකි බව ඔහු සඳහන් කරයි.

පළාත් සභා මැතිවරණය පැවැත්වීමට නම් පාර්ලිමේන්තුව විසින් පනත සංශෝධනය කළ යුතු බවත් එහි කටයුතු අවසන් වන තෙක් ඊට අදාල පියවර ගැනීමේ හැකියාවක් කොමිෂන් සභාවට නොමැති බවත් කොමසාරිස්වරයා පෙන්වා දුන්නේය.

මැතිවරණ කොමිෂන් සභාවට බලය ලැබුණු පසු පළාත් සභා මැතිවරණය එකවර පවත්වනවාද එසේත් නැතිනම්
කොටස් වශයෙන් පවත්වනවාද වැනි කරුණු පිළිබඳව නිශ්චිත තීරණයකට එළඹිය හැකි බව ඒ මහතා පෙන්වා දෙයි.

මැතිවරණය පැරණි ක්‍රමයට පවත්වනවා නම් පනතට එකතු කර තිබෙන සංශෝධනය ඉවත් කළ යුතු බව ආනන්ද රත්නායක මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

Share this post :

Facebook
Twitter
LinkedIn
Pinterest

Leave a Reply

Your email address will not be published. Required fields are marked *