නැඟෙනහිර පළාත් මහ ඇමැති මෙන්ම නියෝජ්ය අමාත්‍යවරයෙක් ලෙස ද කටයුතු කළ එල්.ටී.ටී.ඊ.යේ සන්නද්ධ අංශයේ ක්‍රියාකාරිකයෙක් වූ සිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් නොහොත් පිල්ලෙයාන්ගේ මෙෙහයවීමෙන් කර ඇති බව කියන මිනිස් ඝාතන 05ක් සම්බන්ධයෙන් කරුණු අනාවරණයවී තිබේ. එම කරුණු අද (15) මඩකළපුව අධිකරණයට ඉදිරිපත් කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සූදානමින් සිටියි.
මෙම ඝාතන 05ම සිදුව ඇත්තේ මඩකළපුව ආශ්‍රිතවය. පොලිස් නිලධාරියෙක් වෙඩි තබා ඝාතනය කිරීම, කප්පම් නොදීම හේතුවෙන් ව්‍යාපාරිකයෙක් ඝාතනය කිරීම ඇතුළු ඝාතන 05ක් සම්බන්ධයෙන් අධිකරණයට කරුණු දැක්වීමක් කරනු ඇත.
එම ඝාතන අතර තමන්ගේම සාමාජිකයන් ඝාතනය කිරීමක්ද ඇති බවයි වාර්තා වන්නේ.
නැඟෙනහිර විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපති මහාචාර්ය සිවසුබ්‍රමනියම් රවීන්ද්‍රනාත් මහතා 2006 වසරේ දෙසැම්බර් 15 වැනිදා පැහැරගෙන අතුරුදන් කිරීම සම්බන්ධයෙන්ද පිල්ලෙයාන්ට සහ ඔහුගේ කණ්ඩායමට එරෙහිව ගල්කිස්ස අධිකරණයේ කරුණු දක්වා ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
පිල්ලෙයාන්ගේ අතිශයම සමීපතමයෙක් වූ නැඟෙනහිර පළාත් සභාවේ හිටපු මන්ත්‍රීවරයෙක් මෙන්ම පිල්ලෙයාන්ගේ TMVP පක්ෂයේ අම්පාර දිස්ත්රික් සංවිධායකවරයා වූ කේ. පුෂ්පකුමාර් නොහොත් ‘ඉනියභාරතී’ නමැත්තාට එරෙහිවද මිනිස් ඝාතන 07ක් සම්බන්ධයෙන් අධිකරණ ක්‍රියාමාර්ග ගෙන ඇත. තමාට ඇති අපරාධ නඩුවලින් බේරීමට ඔහු අක්කරපත්තුව අධිකරණයේ ලේඛනාගාරයට 2022 වසරේ කළ ගිනි තැබීම සම්බන්ධයෙන්ද පිල්ලෙයාන් අත්අඩංගුවට ගෙන තිබුණි.



