ලෝක වෙළෙඳපොලේ බොරතෙල් මිල යළි ඉහළ ගොස් තිබේ.
සති අන්තයේදී ඇමෙරිකාව සහ ඉරානය එකිනෙකාට එරෙහිව නැව්වලට ප්‍රහාර එල්ල කරමින් සටන් විරාම ගිවිසුම උල්ලංඝනය කිරීමත් සමඟ හෝමූස් සමුද්‍ර සන්ධිය යළි වැසී යාමත්, සාම සාකච්ඡා පැවැත්වීම අවිනිෂ්චිත තත්ත්වයක පැවතීම හේතුවෙන් බොරතෙල් මිල 6% කට වඩා වැඩි අගයකින් ඉහළ ගොස් තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා වේ.
පසුගිය සිකුරාදා (17) බොරතෙල් මිල 9% කට වඩා පහත වැටී තිබුණද, මෙම නවතම තත්ත්වය හමුවේ බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල ඩොලර් 6.11 කින් (6.76%) ඉහළ ගොස් ඩොලර් 96.49 ක් ලෙස සටහන්ව තිබේ.
එමෙන්ම, WTI බොරතෙල් මිලද ඩොලර් 6.53 කින් (7.79%) ඉහළ ගොස් බැරලයක් ඩොලර් 90.38 ක් දක්වා ඉහළ ගොස් ඇති බව වාර්තා වෙයි.



