තමා කාන්තාවන් 45,000ක් ආශ්රය කරන බවත්, එම 45,000 දෙනා සමඟ තමා ගත් එක් ජායාරූපයක් හෝ පෙන්වන ලෙසත් තමා ඉල්ලීම් කරන බවත් පූජ්ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් පවසනවා.
එමෙන්ම, වර්තමානය වන විට සමාජ මාධ්ය හරහා භික්ෂූන් වහන්සේලාට අපහාස කරන බවත්, එවැනි අපහාස කරන පිරිස භික්ෂූන් වහන්සේලාට මෙතරම් බිය වී සිටින්නේ ඇයි දැයි උන්වහන්සේ ප්රශ්න කර සිටියා.
මෙම සමුළුවට කිසිදු දේශපාලකයෙකුට ආරාධනා නොකළ බවද උන්වහන්සී කියා සිටියා.
ජනාධිපතිවරයාගේ අසලින් සිටින ඇතැම් කේවට්ටයෝ ඔහුව නොමඟ යනව බවත්, එවැනි කේලම් කියන කේවට්ටයෝ වහාම ඉවත් කරන ලෙස උන්වහනසේ ඉල්ලා සිටිනවා.
එහිදී වඩිදුරටත් අදහස් දක්වමින් උන්වහන්සේ කියා සිටියේ,
“මේ රටේ ඇති වන එක පැත්තකින් ආගම් සෝදා පාලුව, අපේ සංස්කෘතිය, ඒ වගේම ඇතැම් ජනමාධ්ය , සමාජ මාධ්යවල ඉන්න සත් පුරුෂයින් ගහන ඇනුම් බැනුම් මෙන්න මේවා අද එන්න එන්නම වැසි වෙනවා. මුලින්ම අපි කියන්න කැමති ඇයි ඔබලා අපිට මෙච්චර බය වෙලා ඉන්නේ? අපි ආණ්ඩු පෙරළන්න, අලුත් ආණ්ඩුවක් පත් කරන්න තියෙන සමුළුවක් නෙවෙයි. මේකට කිසිම දේශපාලනඥයෙක් නෑ. අපි ආරාධනා කරලත් නෑ. සිව්වනක් පිරිසේ භික්ඛු, භික්ඛුණි, උපාසක, උපාසිකා මේගොල්ලන්ට ඇවිල්ලා පෙනී ඉන්න පුළුවන් රැස්වීමේදී. අද නාමල්ට බලය අරන් දෙන්න, සජිත් බලය අරන් දෙන්න, දිලිත්ට බලය අරන් දෙන්න රාජපක්ෂ නිකායේ ඇතිකරගෙන අද මේ රට ගිනි තියන්න පෙරලන්න හදනවා කියන එක තමයි ඔය සමාජ මාෂ්ය හරහා කරන්නේ.
සමහර සමාජ මාධ්ය කාරයෝ ඉන්නවා සිවුරු පොරවා ගත්ත. මේගොල්ලෝ උදේ ඉඳන් රෑ වෙනකම් අපිට බනින එක තමයි කරන්නේ. බැනුම් අහනවා කියන්නේ අමාරු දෙයක් නෙමෙයි අපිට ලේසි දෙයක්.
එක සමාජ මාධ්යක දාලා තියෙනවා මගේ පින්තූරයයි මගේ ජීප් එකක් ගත්ත නෝනා කෙනෙක්ගේ පින්තුරයයි. එයා නෝනා කෙනෙක් නෙවෙයි පොහොට්ටුවේ කාන්තානේ සභාපතිනිය දාලා මඩ ගහන්න.
මම කාන්තාවෝ 45,000ක් ආශ්රය කරනවා. පුලුවන් එක්කෙන්ක්ව දාලා පෙන්නන්න…”



