“මේ වෙබ් ලින්ක් එකට යන්න කියලා පොතේ කොතනකවත් කියලා නෑ හාමුදුරුවනේ..”

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ හය වසර විෂය නිර්දේශයේ ඉංග්‍රීසි මොඩියුලයේ ඇත්තේ විමසා තේරුම් ගැනීම පිළිබඳ අභ්‍යාසයක් බව අධ්‍යාපන ඇමතිනි අගමැතිනි හරිනි අමරසූරිය මහත්මිය සඳහන් කරයි.

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් මල්වතු අස්ගිරි මහ නාහිමිවරුන් දැනුවත් කිරීමේ අවස්ථාවකට එක්වෙමින් ඇය මේ බව සඳහන් කළාය.

වෙබ් අඩවියක නම සඳහන් වුවද එම අඩවියට යන්නැයි කොතැනකවත් කියා නැති බවද ඇය මෙහිදී පැවසීය.

අදාළ පොතේ අන්තර්ජාල සබැඳියක් ඇතුළත් වී ඇති බවට තොරතුරු ලැබුණු වහාම ක්‍රියාත්මක වී එම පොත් ඉවත් කිරීමටත්, අදාළ වෙබ් අඩවිය ලංකාව තුළ අවහිර කිරීමටත් පියවර ගත් බවත් ඇය පැවසුවාය.

මෙම වයස් කාණ්ඩයේ දරුවන් සඳහා වන පෙළපොත්වලට අන්තර්ජාල සබැඳි ඇතුළත් නොකරන ලෙස උපදෙස් දී තිබියදීත්, අලුත් පාඩමක් ලෙස මෙය පොතට එක්වී ඇති බව මූලික පරීක්ෂණවලදී අනාවරණය වී ඇති බවත් මේ සම්බන්ධයෙන් අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරුන් තිදෙනෙකුගෙන් සමන්විත කමිටුවක් පත් කළ බවත්, ඔවුන්ගේ වාර්තාව මේ වන විට ලැබී ඇති බවත් අග්‍රාමාත්‍යවරිය සඳහන් කළාය.

ගුරුවරුන් 5,000ක් පමණ පුහුණු කිරීමේදී පවා මෙය හඳුනා නොගැනීම බරපතල ගැටලුවක් බවත්, මේ සම්බන්ධයෙන් මේ වන විට අභ්‍යන්තර පරීක්ෂණ තුනක් ක්‍රියාත්මක වන බවත් ඇය වැඩිදුරටත් පැවසුවාය.

1 සිට 6 ශ්‍රේණි දක්වා වූ පෙළපොත් 106ක් නැවත පරීක්ෂාවට ලක් කරන අතර එහිදී හමුවූ අක්ෂර දෝෂ ඇතුළු අනෙකුත් අඩුපාඩු නිවැරදි කර ලබන මැයි මාසයේදී නව පොත් කට්ටල ලබාදීමට කටයුතු කරන බවද ඇය අවධාරණය කළාය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය
”පැහැදිලියි හාමුදුරුවනේ වැරැද්දක් වෙලා. ඒක අපිට නැහැ කියන්න බැහැ කිසිසේත්ම. දැන් ඔව් ක්‍රියාවලියේ දුර්වලතාවයක් තියෙනවා. එහෙම නැත්නම් මෙතන වෙන විදිහකට මේක ඇතුල් වුණාද කියන එක හොයාගෙන තමා අපි CID එකට ඒ පැමිණිල්ල කරලා තියෙන්නේ. ඒක එකසිය හයක් තියෙනවා. ඒ එකසිය හයම අපි අමාත්‍යංශයට ගෙනල්ලා එකින් එක බලනවා හාමුදුරුවනේ. ආයිත්. ඒක සාමාන්‍යයෙන් කළ යුතු දෙයකුත් නෙමෙයි. අමාත්‍යංශ‍යෙන් එහෙම පොත් බලන් නැහැ. ඒක ජාතික අධ්‍යාපන ආයතනයෙන් තමා බලන්නේ. නමුත් මේ අවස්ථාවේ මේ ප්‍රශ්නේ නිසා එකින් එක අපි බලනවා. ඒවයි තුලත් අපිට යම් යම් වැරදි හම්බවෙලා තියෙනවා..”

Share this post :

Facebook
Twitter
LinkedIn
Pinterest

Leave a Reply

Your email address will not be published. Required fields are marked *