මොස්කව් නගරයේ ගුවන්තොටුපොළවල් දෙකක් වසා දැමේ

රුසියාවේ මොස්කව් නගරය අවට ඇති ගුවන්තොටුපොළ හතරෙන් දෙකක් වසා දැමීමට කටයුතු කළ බව රුසියාව පවසයි.

යුක්‍රේනය විසින් ඊයේ (26) රාත්‍රියේ සිට මොස්කව් නගරය ඉලක්ක කර ගනිමින් දිගින් දිගටම එල්ල කරන ඩ්‍රෝන ප්‍රහාරයන් හේතුවෙන් මෙසේ ගුවන්තොටුපොළ වසා දැමීමට කටයුතු කළ බව රුසියානු බලධාරීන් පැවසුවේය.

කෙසේවෙතත් විදෙස් මාධ්‍ය වාර්තා කළේ පැය පහක පමණ කාලය තුළ යුක්‍රේන ඩ්‍රෝන යානා 28ක් රුසියානු ආරක්ෂක අංශ විසින් විනාශ කර ඇති බවය.

Share this post :

Facebook
Twitter
LinkedIn
Pinterest

Leave a Reply

Your email address will not be published. Required fields are marked *