ශ්‍රෙයාස් අයියර් දැඩි සත්කාර ඒකකයට

ඔස්ට්‍රේලියාවට එරෙහිව සිඩ්නිහිදි පසුගිය සෙනසුරාදා (25)  පැවති තෙවන එක්දින තරගයේ උඩපන්දුවක් රැකගැනීමට යාමේදී ඇති වූ ආබාධයකින් ඉන්දීය උපනායක ශ්‍රෙයාස් අයියර් රෝහල්ගත කර තිබේ. වෛද්‍ය වාර්තාවලට අනුව තහවුරු වී ඇත්තේ ඔහුගේ අභ්‍යන්තර රුධිර වහනයක් සිදුව ඇති බවය. ඒ හේතුවෙන් ඔහු මේ වනවිට සිඩ්නි රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර ඇත. වෛද්‍යවරු විසින් අයියර්ගේ රුදිර වහනය නැවැත්වීමට […]

ෆයිසර් මුස්තාපාට කොළඹින් ලොකු පුටුවක්

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ කොළඹ දිස්ත්‍රික් බලමණ්ඩලයේ සභාපතිවරයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී, ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාපා මහතා තේරී පත්ව තිබේ. කොළඹ දිස්ත්‍රික් බලමණ්ඩලයේ ලේකම් ලෙස කෝට්ටේ ආසන සංවිධායක, කෝට්ටේ හිටපු නගරාධිපති ජනක රනවක මහතා ද භාණ්ඩාගාරික ලෙස හෝමාගම සංවිධායක ඉසුරු අබේවර්ධන මහතා ද තේරීපත්ව තිබේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කොළඹ දිස්ත්‍රික් සංවිධානය සහ අනුබද්ධ සංවිධාන යාවත්කාලීන […]

මන්ත්‍රී ජගත් ගැන පොලිස්පති සිදුකළ ප්‍රකාශයට සජබෙන් නිවේදනයක්

කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් විතාන මහතාට එල්ල වී ඇති මරණීය තර්ජනය හමුවේ පොලීසිය ලබා දුන් ආරක්ෂාව පිළිබඳව මාධ්‍යයට පොලිස්පතිවරයා කළ ප්‍රකාශය සමගි ජන බලවේගයේ අවධානයට යොමුව තිබේ. නිවේදනයක් නිකුත් කරමින් එම පක්ෂය සඳහන් කර ඇත්තේ දේශපාලනික නොවන කරුණු කාරණා මත මන්ත්‍රීවරයාට තර්ජන එල්ල වී ඇති බවත් ඒ පිළිබඳව පරීක්ෂණ පවත්වන බවත් කරනු ලබන ප්‍රකාශය […]

විදෙස්ගත ශ්‍රී ලාංකිකයින්ටත් ඉදිරියේදී ඡන්ද අයිතිය

විදෙස් ගත ශ්‍රී ලාංකිකයින්ට ඡන්ද අයිතිය ලබා දීමට ඉදිරියේදී කටයුතු කරන බව විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා පවසයි. අමාත්‍යවරයා පැවසුවේ රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයද මැදිහත් වීමෙන් ඒ සඳහා මේ වන විට කටයුතු සම්පාදනය වෙමින් පවතින බවය. ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයට වසර 40ක් සපිරීම නිමිත්තෙන් අද (27) පැවැති වැඩසටහනට එක්වෙමින් […]

අත්අඩංගුවට ගත් සැකකරුවන් මාධ්‍ය ඉදිරියේ ප්‍රශ්න කිරීම නීති විරෝධියි

අත්අඩංගුවට ගත් සැකකරුවන් මාධ්‍ය ඉදිරියේ ප්‍රශ්න කිරීම, ඔවුන්ගේ ප්‍රකාශ ලබාගෙන ඒවා සමාජ මාධ්‍ය ඔස්සේ බෙදා හැරීම නීති විරෝධී මෙන්ම පොලිසියේ වෘත්තීයභාවයට හානිකර ක්‍රියාවක් බව ජනාධිපති නීතීඥ සාලිය පීරිස් අවධාරණය කරයි. සිය නිල ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් ඒ මහතා පෙන්වා දෙන්නේ, අත්අඩංගුවට ගැනීම් සහ අපරාධ පරීක්ෂණ සිදු කළ යුත්තේ නීතියෙන් ස්ථාපිත ක්‍රියා පටිපාටියට අනුව පමණක් බවයි. […]

හෙද නිල ඇඳුම වෙනස් කරන්න එපා – රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය

කිසියම් ආගම් හෝ සංස්කෘතීන් අනුගමනය කරන පුද්ගලයන්ගේ අවශ්‍යතා මත රජයේ රෝහල්වල හෙද නිලධාරීන්ගේ නිල ඇඳුම වෙනස් කිරීමට තමන් එකඟ නොවන බව රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය එහි සභාපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන්ගේ අත්සනින් යුතුව සෞඛ්‍ය අමාත්‍යවරයා වෙත ලිඛිතව දන්වා ඇත. නිසි ප්‍රමිතියකින් යුතුව ජාත්‍යන්තර පිළිගැනීමකට ලක්ව නිර්මාණය කරන ලද හෙද නිල ඇඳුම, කිසියම් ආගමක් හෝ […]

මන්ත්‍රී ජගත් විතාන අපරාධවලට සම්බන්ධ පාර්ශව සමඟ කටයුතු කරලා – පොලිස්පති

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් විතාන ට මරණ තර්ජන එල්ල වී ඇති බවත්, එය පොලිස්පතිවරයා විසින් ද තහවුරු කර ඇති බවත්, මන්ත්‍රීවරයා පසුගියදා ( 24) පාර්ලිමේන්තුවේදී අනාවරණය කළ අතර ඒ සම්බන්ධයෙන් පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා විසින් අදහස් දැක්වීමක් කර තිබේ. මන්ත්‍රී ජගත් විතානට දැනට තාවකාලික ආරක්ෂාවක් ලබා දී ඇති නමුත් මෙම තර්ජනය ගොඩනැගී ඇත්තේ […]

මොස්කව් නගරයේ ගුවන්තොටුපොළවල් දෙකක් වසා දැමේ

රුසියාවේ මොස්කව් නගරය අවට ඇති ගුවන්තොටුපොළ හතරෙන් දෙකක් වසා දැමීමට කටයුතු කළ බව රුසියාව පවසයි. යුක්‍රේනය විසින් ඊයේ (26) රාත්‍රියේ සිට මොස්කව් නගරය ඉලක්ක කර ගනිමින් දිගින් දිගටම එල්ල කරන ඩ්‍රෝන ප්‍රහාරයන් හේතුවෙන් මෙසේ ගුවන්තොටුපොළ වසා දැමීමට කටයුතු කළ බව රුසියානු බලධාරීන් පැවසුවේය. කෙසේවෙතත් විදෙස් මාධ්‍ය වාර්තා කළේ පැය පහක පමණ කාලය තුළ යුක්‍රේන ඩ්‍රෝන […]

පොන්නි සම්බා සහල් මෙට්‍රික් ටොන් 3,500ක් දිවයිනට

දේශීය වෙළෙඳ පොළේ පවතින කීරි සම්බා සහල් හිඟයට පිළියමක් ලෙස මේ වන විට පොන්නි සම්බා සහල් මෙට්‍රික් ටොන් 3,500ක ප්‍රමාණයක් දිවයිනට ආනයනය කර ඇති බව ශ්‍රී ලංකා රේගුව පවසයි. ඒ අනුව පසුගිය 23 වනදා එහි පළමු තොගය දිවයිනට පැමිණ ඇති බව සදහන් වේ. මීට අමතරව පසුගිය සිකුරාදා සහ  සෙනසුරාදා යන දින තුළ ද ආනයනික පොන්නි […]

පොලිස් සැරයන්වරයාට මරු කැඳවූ අනතුර

වැල්ලවාය පොලිස් වසමේ වැල්ලවාය තණමල්විල මාර්ගයේ ආදාවෙලයාය ප්‍රදේශයේදී සිදු වූ රිය අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. තණමල්විල දෙස සිට වැල්ලවාය දෙසට ගමන් කළ යුද හමුදාවට අයත් බස් රථයක් ඊට ප්‍රථිවිරුද්ධ දෙසින් පැමිණි යතුරුපැදියක මුහුණට මුහුණ ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇත.  අනතුරින් තුවාල ලැබූ යතුරුපැදිකරු වැල්ලවාය රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව මියගොස් තිබේ. මෙලෙස මියගොස් ඇත්තේ වයස […]