රත්මලානේ අත්බෝම්බ ප්‍රහාරයට පාතාලේ සම්බන්ධයක් ?

අද (05) අලුයම රත්මලානේ, ඥානේන්ද්‍ර පාර ප්‍රදේශයේ නිවසකට අත්බෝම්බ ප්‍රහාරයක් එල්ල වීම සම්බන්ධයෙන් පාතාල සබඳතාවයක් පිළිබඳ තොරතුරු අනාවරණය වී තිබේ.

දෙමහල් නිවසකට අත්බෝම්බ ප්‍රහාර දෙකක් එල්ල වී තිබූ අතර, ඉන් එකක් පුපුරා ගොස් අනෙක් අත්බෝම්බය ගෙවත්තේ වැටී තිබී ඇතැයි පොලීසිය පැවසීය.

ප්‍රහාරය හේතුවෙන් ජීවිත හානි කිසිවක් සිදුව නොමැති අතර නිවසේ ජනෙල් පියන් 02ක වීදුරු පුපුරා ගොස් තිබේ.

ප්‍රහාරය එල්ල වූ නිවසේ හිමිකරු සංවිධානාත්මක අපරාධ කණ්ඩායම් සාමාජිකයෙකු වන දැනට විදෙස්ගතව සිටින බවට තොරතුරු දැනගැනීමට ඇති රසල් ඇලෝසියස් ස්මිත් යන අයගේ පියාගේ සහෝදරයෙකුගේ පුතෙකු බවට තොරතුරු අනාවරණය වී ඇත.

රසල් ඇලෝසියස් ස්මිත් යන අය අපරාධ කල්ලි නායකයින් වන සිංහාර අමල් ශාමින්ද සිල්වා නොහොත් අංජු හා එල්ලාවල ලියනගේ ධර්මසිරි නොහොත් ධර්මේ යන අයවලුන් සමඟ සමීප සම්බන්ධතා පවත්වා ඇති බවත් පසුව මොහු අංජු සමඟ විරසකයක් ඇති වී ඇති බවටත් තොරතුරු ලැබී තිබේ. 

Share this post :

Facebook
Twitter
LinkedIn
Pinterest

Leave a Reply

Your email address will not be published. Required fields are marked *