2027 වර්ෂය සඳහා වන සිංහල සහ හින්දු අලුත් අවුරුදු නැකැත් සීට්ටුව මේ වන විට ප්‍රකාශයට පත්කර තිබෙනවා.
ඒ අනුව,අලුත් අවුරුදු උදාව අප්‍රේල් මස 14 වැනිදා අපරභාග 3.29ට සිදු වෙනවා.
මෙම නැකත් සිට්ටුවට අනුව පුණ්‍ය කාලය අප්‍රේල් 14 වන බදාදා පුර්වභාග 9.05 සිට එදින අපරභාග 9.53 දක්වා යෙදී තිබෙන අතර ආහාර පිසීමේ නැකත අප්‍රේල් 14 මස වන බදාදා අපරභාග 6.18ට දී ඇති අතර, කොළ පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී උතුරු දිශාව බලා ලිප් බැඳ ගිනි මොළවා මුං මිශ්‍ර කිරිබතක් හා කැවිලි වර්ගයක් පිළියෙල කිරීම මැනව් බවයි එම නැකත් සිට්ටුවේ දැක්වෙනවා.
වැඩ ඇල්ලීම, ගනුදෙනු කිරීම සහ ආහාර අනුභව කිරීමේ නැකත අප්‍රේල් 14 වන බදාදා අපරභාග 8.18 ට උතුරු දිශාව බලා ඉටු කිරීම සුබ බවයි එහි සඳහන්.
එමෙන්ම, හිසතෙල් ගෑම, අප්‍රේල් 17 වන සෙනසුරාදා පූර්වභාග 07.04 ට නිල් පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී උතුරු දිශාව බලා හිසට නුගපත් ද පයට කරඳ පත්ද තබා ස්නානය කිරීම සුදුසු බව නැකත් සිට්ටුවේ සඳහන් වනවා.
2027 අලුත් අවුරුදු නැකත් සිට්ටුවට අනුව රැකී රක්ෂා සඳහා පිටත්ව යෑමේ නැකත දී තිබෙන්නේ අප්‍රේල් මස 21 වන බදාදා පුර්වභාග 06.15 ටයි.
කොළ පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී මුංඇට මිශ්‍ර කිරිබතක් අනුභව කර දකුණු දිශාව බලා රැකී රක්ෂා සඳහා පිටත්ව යෑම සුදුසු බවයි අලුත් අවුරුදු නැකත් සිට්ටුවේ සඳහන්් වනවා.
එම නැකැත් සීට්ටුව පහතින්,



