වැඩ තහනම් වූ භාණ්ඩාගාර නිලධාරියාගේ මරණයේ කරුණු රැසක් එළියට

මහා භාණ්ඩාගාරයේ විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ සහකාර අධ්‍යක්ෂවරයෙකු ලෙස සේවය කළ, දැනට වැඩ තහනමට ලක්ව සිටින අබේසිංහ මුදියන්සේලාගේ රංග නිශාන්ත රාජපක්ෂගේ සැකකටයුතු මරණය සම්බන්ධයෙන් කුලියාපිටිය පොලිසිය පුළුල් විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

කුලියාපිටිය, පහළ වීරඹුව, මඩකුඹුරුමුල්ල ප්‍රදේශයේ පදිංචිව සිටි ඔහුගේ මළ සිරුර ඊයේ (30) දහවල් සිය නිවස පිටුපස ගෙවත්තේ තිබී සොයා ගනු ලැබුවා.

එහිදී, මියයන විට ඔහුගේ පාද දෙකේ සහ වම් අතේ බල නහර කැපී තිබූ අතර, සිරුර අසල තිබී ලේ තැවරුණු සැකකටයුතු පිහියක් ද පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා.

දෙදරු පියෙකු වන ඔහුගේ බිරිඳ ගුරුවරියක වන අතර, ඇය පාසල් ගොස් සිටි අවස්ථාවේදී, පිහියක් රැගෙන සිය නිවස පිටුපස ප්‍රදේශයට ගමන් කරන අයුරු ඔහුගේ දියණිය විසින් දැක ඇති බවද පොලිසිය සඳහන් කළා.

මහා භාණ්ඩාගාරයෙන් අමෙරිකානු ඩොලර් මිලියන 2.5ක මුදලක් හැකර්වරුන් විසින් සොරා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් වැඩ තහනමට ලක්වූ නිලධාරීන් සිව්දෙනා අතරින්, විමර්ශනවලට අත්‍යවශ්‍යම පුද්ගලයා ලෙස මොහු හඳුනාගෙන තිබෙනවා.

එමෙන්ම, ඔහු මීට පෙර අවස්ථා දෙකකදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) හමුවේ පෙනී සිටිමින් අදාළ විමර්ශන සඳහා සහයද ලබා දී තිබෙනවා.

කුලියාපිටිය මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් අනතුරුව, දේහය කුලියාපිටිය ශික්ෂණ රෝහලේ මෘත ශරීරාගාරය වෙත රැගෙන ගොස් ඇති අතර, පශ්චාත් මරණ පරීක්ෂණය අද පැවැත්වීමට නියමිතයි.

Share this post :

Facebook
Twitter
LinkedIn
Pinterest

Leave a Reply

Your email address will not be published. Required fields are marked *