අද විශේෂ පාර්ලිමේන්තු සැසිවාරයක් පැවැත්වෙනවා.
මෙහිදී ආපදාවෙන් පීඩාවට පත් වූ ජනතාවට සහන සැලසීම සහ යටිතල පහසුකම් සංවර්ධනය වෙනුවෙන් අමතර රුපියල් කෝටි 50,000 මුදලක් වෙන් කර ගැනීම සඳහා වූ පරිපූරක ඇස්තමේන්තුව අද පෙරවරුවේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.
එම පරිපූරක ඇස්තමේන්තු විවාදයකින් අනතුරුව හෙට සම්මත කර ගැණෙනු ඇති.
මෙම පරිපූරක ඇස්තමේන්තුවට කැබිනට් මණ්ඩලයේ සහ රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ ද අනුමැතිය පසුගියදා හිමි වුණා.
එමෙන්ම කාලගුණ ආපදා සම්බන්ධයෙන් සභාව කල් තබන අවස්ථාවේ විවාදයක් අද පස්වරු 5.30 දක්වා පැවැත්වෙනවා.
මෙම යෝජනාව සභාවට ඉදිරිපත් කරනු ලැබුවේ ආණ්ඩු පක්ෂය විසින්.
මේ අතර දිට්වා සුළි කුණාටුව හේතුවෙන් කඩිනම් මුල්යකරණය හරහා ජාත්යන්තර මුල්ය අරමුදලෙන් ශ්රී ලංකාව ඉල්ලුම් කළ අමෙරිකානු ඩොලර් මිලියන 200ක හදිසි මුල්ය ඉල්ලීම පිළිබද එහි විධායක මණ්ඩලය හෙට සලකා බැලීමට නියමිතයි.
එමෙන්ම ප්රංශ රජය විසින් පරිත්යාග කළ මෙටි්රක් ටොන් 14ක් බරැති ආපදා ආධාර තොගයක් ඊයේ රාත්රී මෙරටට රැගෙනවිත් තිබුණා.



