ජනාධිපති අනුර කුමාර දිසානායක මේ වන විට ඇති ආර්ථික අර්බුදය වෙනුවෙන් සකස් කළ නව සහන පැකේජයක් ඉදිරිපත් කිරීම සදහා අප්‍රේල් 7 වැනිදා හෙවත් අද දහවල් පාර්ලිමේන්තුවට පැමිණීමට නියමිතය.
ඒ පිළිබද සභානායක බිමල් රත්නායක මෙසේ පාර්ලිමේන්තුව දැනුවත් කරන ලදී.
‘කැබිනට් මණ්ඩලයේදී අලුත් ආර්ථික සහන පැකේජයක් යෝජනා කළා. තෙල් මිල සම්බන්ධයෙන් උපාලි පන්නිල ඇමතිතුමාගේ මූලිකත්වයෙන් විශේෂ කමිටුවකුත් පිහිටුවා. අද දහවල් 12ට ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේදී පැමිණලා, ඊයේ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන ලද සහන පත්‍රිකාව ඉදිරිපත් කරනවා. එතුමා පැමිණෙන නිසා පාර්ලිමේන්තුවේ කටයුතු පිළිබද කාරක සභාව දවල් 12.30ට යොදාගන්නා ලෙස ඉල්ලා සිටිනවා.‘



