සරත් කෝන්ගහගේ සහ දේවප්‍රිය අබේසිංහ අත්අඩංගුවට

ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ හිටපු සභාපති සරත් කොන්ගහගේ සහ හිටපු අතිරේක අධ්‍යක්ෂ ජනරාල් දේවප්‍රිය අබේසිංහ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගෙන තිබේ. රජයට මූල්‍යමය පාඩුවක් සිදුකිරීම සම්බන්ධයෙන් එල්ල වූ බරපතළ චෝදනා කිහිපයක් පදනම් කරගනිමින් අද (07) දින මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත. විමර්ශන අංශ පෙන්වා දෙන පරිදි මෙම සැකකරුවන්ට එරෙහිව […]

ඩීසල් සහ පෙට්‍රල් සඳහා සහනාධාරයක්

රටේ පවතින ආර්ථික තත්ත්වය සහ ලෝක දේශපාලනික අස්ථාවරත්වය හමුවේ පීඩාවට පත් ජනතාවට සහනයක් සැලසීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් විශේෂ ආර්ථික සහන පැකේජයක් පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයට පත් කරන ලදී. මෙහි වඩාත්ම කැපී පෙනෙන ලක්ෂණය වූයේ ඉන්ධන මිල ඉහළ යෑම හමුවේ සාමාන්‍ය ජනතාව ආරක්ෂා කිරීම සඳහා රජය සෘජුවම මැදිහත් වීමට ගෙන ඇති තීරණයයි. වර්තමාන ලෝක […]

“ඉරානය එක රැයකින් විනාශ කළ හැකියි; ඒ රැය හෙට විය හැකියි”

තමන් ලබාදුන් අවසන් කාලසීමාවට පෙර හෝමූස් සමුද්‍ර සන්ධිය නැවත විවෘත කිරීමට එකඟ නොවන්නේ නම්, එක්සත් ජනපදයට “එක් රැයකින්” ඉරානය විනාශ කළ හැකි බවට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තර්ජනය කර සිටියේ ය. ගල්ෆ් කලාපය හරහා බලශක්ති අවශ්‍යතා නිදහසේ රැගෙන යාමට ඉඩ සලසන එකඟතාවක් සඳහා ට්‍රම්ප් වොෂින්ටනයේ වේලාවෙන් අඟහරුවාදා රාත්‍රී 8:00 (මෙරට වේලාවෙන් බදාදා අළුයම 5.30) අවසන් කාලසීමාව […]

සහන පැකේජය අරන් ජනපති පාර්ලිමේන්තුවට

පවත්නා යුදමය තත්ත්වය හමුවේ පීඩාවට පත් ජනතාව සහ ක්ෂේත්‍ර රැසක් ඉලක්ක කරගනිමින් රුපියල් කෝටි 10,000ක (බිලියන 100ක) දැවැන්ත සහන පැකේජයක් ප්‍රකාශයට පත් කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක 2026 අප්‍රේල් 07 වන දින පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදු කළේය. මෙහිදී ඩීසල් සහ පෙට්‍රල් සඳහා ලබා දෙන සෘජු සහනාධාර, ධීවර හා ගොවි ජනතාව සඳහා පිරිනමන විශේෂ දීමනා, “අස්වැසුම” […]

“සජිත්ද? AI සජිත්ද?” – සභානායකගේ ප්‍රශ්නයට සජිත්ගෙන් උත්තරයක්

කෘතිම බුද්ධිය (AI)  විෂයයක් ලෙස මෙරට විෂය නිර්දේශයට ඇතුළත් කර දරුවන්ට අධ්‍යාපනය ලබාදීමට කටයුතු කරන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (07) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා. සභානායක බිමල් රත්නායක මහතා විසින් විපක්ෂ නායකවරයාගේ දීර්ඝ කරුණු දැක්වීම් විවේචනය කරමින් නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඔහු මේ බව සඳහන් කලා. වත්මන් ගෝලීය යුදමය තත්ත්වය හමුවේ මෙරට ඉන්ධන ආරක්ෂාව […]

“මහින්ද මහත්තයා හිටියා නම් නොබෙල් තෑග්ගත් හම්බෙලා..”

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මේ වන විට රටේ ජනාධිපති වී සිටියා නම් නොබෙල් සාම ත්‍යාගය පවා හිමිවීමට ඉඩ තිබූ බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසනවා. තමා ඇතුළු කණ්ඩායම සැමවිටම රටේ සමාජ ව්‍යසන වලින් ජනතාව මුදවා ගැනීම උදෙසා කටයුතු කළ බවත්, අවසානයේදී මහින්ද රාජපක්ෂ මහතාව මිනීමරුවෙකු, හොරෙකු බවට පත් කළ බවත් […]

ගල් අගුරු ටෙන්ඩරය ගැන විශේෂ විගණන වාර්තාව සභාගත කරයි

ආන්දෝලනයට ලක් වී ඇති ගල් අගුරු මිලදී ගැනීමේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් විශේෂ විගණන වාර්තාවක් කථානායක ජගත් වික්‍රමරත්න විසින් පාර්ලිමේන්තුවේ සභාගත කරනු ලැබීය. එහෙත් එහි පිටපත් මන්ත්‍රීවරුන්ගේ මේස මත නොමැති වීම පිළිබද විපක්ෂය විරෝධය මතු කරන ලදී. වාර්ෂික විගණන වාර්තාව සභාගත කිරිමෙන් පසු, මෙම විශේෂ වාර්තාව සභාගත කළ අතර කථානායකවරයා එය සභාගත කරමින් මෙසේ පැවසීය. ‘154 ප්‍රකාරව විගණකාධිපති […]

“කරන්ට් කපන්නෙ නෑ බිඳවැටුණා..”

ඊයේ දිනයේ දී සිදු වූයේ විදුලිය කපා හැරීමක් නොව විදුලි බිඳවැටීමක් බව බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි අද (07) පාර්ලිමේන්තුවේ දී සඳහන් කරනු ලැබුවා. ඒ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් විසින් “ජනතාව වෙත නොදන්වා විදුලිය කප්පාදු කරන්නේ ඇයි ?” යනුවෙන් මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමිනුයි‍. එහි දී කොළඹ නගරයේ ඇතැම් ප්‍රදේශයන් ආශ්‍රිතව ඊයේ දිනයේ දී පැය […]

මහින්දගේ වත්කම් ඉපයූ හැටි රංග සොයයි

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ වත්කම්, වියදම් සහ ආදායම් මාර්ග සම්බන්ධයෙන් වසර 10කට පෙර ආරම්භ කරන ලද විමර්ශනයකට අදාළව, වහාම දිවුරුම් ප්‍රකාශයක් ලබා දෙන ලෙස අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව අවසන් ලිඛිතව දැනුම් දී තිබේ. මෙරට විවිධ හිටපු දේශපාලනඥයන්ට අදාලව අධිකරණය, නීතිය, විමර්ශන අත තබා ඇතත් කිසිදා අත නොතැබූ දේවත්වයක සිටින චරිතයක් ලෙස […]

අදත් පැය 12ක ජල කප්පාදුවක්

පවතින වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් හෝමාගම කලාප අංක 02 ට අයත් ප්‍රදේශ කිහිපයකට අද (07) දිනයේ ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනය කර තිබෙනවා. අද පෙරවරු 08.00 සිට පස්වරු 08.00 දක්වා පැය 12ක කාලයක් මෙම ජල කප්පාදුව ක්‍රියාත්මක වන බවයි සඳහන් වන්නේ. ඒ අනූව හෝමාගම නගරය, වෑකන්ද, පින්කෙත පාර සහ වලව්ව […]