අනිවාර්ය භෞතික පරීක්ෂාවකින් තොරව බහාලුම් (කන්ටේනර්) 323ක් නිදහස් කිරීම සම්බන්ධයෙන් පරීක්ෂා කර පාර්ලිමේන්තුවට වාර්තා කිරීම සඳහා පාර්ලිමේන්තු තේරීම් කමිටුවක් පත් කිරීමට අදාළ යෝජනාවක් ප්රධාන විපක්ෂ සංවිධායක පාර්ලිමේන්තු මන්ත්රී ගයාන්ත කරුණාතිලක විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙනවා.
මෙම බහාලුම් නිදහස් කිරීමේ සිද්ධිය පිළිබඳව සොයා බැලීම සහ ඒ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව දැනුවත් කිරීම මෙම තේරීම් කමිටුව පත්කිරීමේ මූලික අරමුණ වී තිබෙනවා.



