“මඩ ගහන වෙලාවේ අධිකරණයට කරුණු දක්වන්න”

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂගේ නීති උපාධි සහතිකය ගැන එල්ල වන චෝදනාවට පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී. චානක අද (19) පාර්ලිමේන්තුවේදී පිළිතුරු ලබා දුන්නා. ඒ අනූව මේ වන විට අධිකරණය හමුවේ ද නඩුවක් ගොනු කර ඇති බවත්, මඩ ගැසීම වෙනුවට උසාවියට කරුණු වාර්තා කරන ලෙසට ආණ්ඩුවෙන් ඉල්ලා සිටින බව මන්ත්‍රීවරයා ප්‍රකාශ කර සිටියා. මින් පෙරද ආන්දෝලනාත්මක ලෙස පාර්ලිමේන්තු […]
“බුදු පිළිමයක් අත්අඩංගුවට ගත් පළමු පාලකයා අනුර”

ලංකා ඉතිහාසයේ බුදු පිළිමයක් අත්අඩංගුවට ගත් පළමුවන පාලකයා බවට අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා පත්ව ඇති බව පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල පැවසීය. අධිරාජ්‍යවාදින් මේ රට පාලනය කළ කාලයේ දීවත් බුදු දහමට මෙසේ අපහස කළේ නැතැයි කියන කාරණාව ඉතා කම්පාවෙන් සිහිපත් කරන බව ඔහු සඳහන් කළේ ය. උදය ගම්මන්පිල මේ බව පැවසුවේ, අද (නොවැ. 19) […]
කන්ටේනර් ගැන හොයන්න තේරීම් කාරක සභාවක්

අනිවාර්ය භෞතික පරීක්ෂාවකින් තොරව බහාලුම් (කන්ටේනර්) 323ක් නිදහස් කිරීම සම්බන්ධයෙන් පරීක්ෂා කර පාර්ලිමේන්තුවට වාර්තා කිරීම සඳහා පාර්ලිමේන්තු තේරීම් කමිටුවක් පත් කිරීමට අදාළ යෝජනාවක් ප්‍රධාන විපක්ෂ සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ගයාන්ත කරුණාතිලක විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙනවා. මෙම බහාලුම් නිදහස් කිරීමේ සිද්ධිය පිළිබඳව සොයා බැලීම සහ ඒ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව දැනුවත් කිරීම මෙම තේරීම් කමිටුව පත්කිරීමේ මූලික අරමුණ […]
හිටපු ජනපති රනිල්ට ඉහළ අධිකරණයක නඩු

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහට එරෙහිව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදු කරනු ලබන විමර්ශනය අවසන් අදියරේ පසුවන බැවින් ඉහල අධිකරණයක නඩු පවරන බව නීතිපතිවරයා කොටුව මහේස්ත්‍රාත් නෙත්ති කුමාර හමුවේ අද(19) දැන්වූවා. නීතිපති වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් හිටපු ජනාධිපතිවරයා එරෙහිව සිදු කරනු ලබන විමර්ශන කටයුතු අවසාන අදියරේ පසුවන බවින් ඉහල අධිකරණයක නඩු […]
පළාත් සභා මැතිවරණය ගැන දුන් සහතිකය

නීතිමය කරුණු කිහිපයක් විසඳා ගැනීමෙන් අනතුරුව පළාත් සභා මැතිවරණය පැවැත්වීමට කටයුතු කරන බව රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය චන්දන අබේරත්න මහතා පැවසීය. අද(19) පාර්ලිමේන්තුවේ අයවැය කාරක සභා අවස්ථා විවාදයට එක්වෙමින් මහාචාර්ය චන්දන අබේරත්න මහතා මේ බව ප්‍රකාශ කළේය. මැතිවරණය පැවැත්වීම සඳහා මෙවර අයවැයෙන් ප්‍රතිපාදන වෙන් කර ඇති බවත් එබැවින් මැතිවරණය කල්දැමීමට කිසිදු […]
SONY දේශීය රූපවාහිනී නාලිකාවට අනතුරු අඟවයි

SONY INTERNATIONAL ආයතනය ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ රූපවාහිනී නාලිකාවකට සිය බුද්ධිමය දේපළ අනවසරයෙන් භාවිතා කළ බවට චෝදනා කරමින්, නිශ්චිත වැඩසටහනක් වහාම අත්හිටුවන ලෙස නියෝග කරමින් ලිපියක් නිකුත් කර ඇති බව වාර්තා වේ. එම නාලිකාවේ කළමනාකාරිත්වයට ලැබුණු බවට වාර්තා වන දැන්වීමට අනුව, SONY INTERNATIONAL ආයතනය ප්‍රකාශ කර ඇත්තේ විකාශකයා තම බුද්ධිමය දේපළ අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති […]
“පොලිසියට ස්තූතියි.. එක් පුද්ගලයෙකුගේ අශෝභන හැසිරීමකින් රටක් විනිශ්චය කරන්න බෑ.!”

ත්‍රීරෝද රථයක තනිව සංචාරය කරමින් සිටිය දී, දැඩි අපහසුතාවයකට පත් වන අනපේක්ෂිත සිද්ධියකට මුහුණ දුන් නවසීලන්ත ජාතික තරුණිය, තමන් එසේ අපහසුතාවයට පත් කළ තරුණයා අත්අඩංගුවට ගැනීමට කටයුතු කළ ශ්‍රී ලංකා පොලිසියටත් අදාල බලධාරීන්ටත් සිය ස්තුතිය පළකර තිබේ. එක් පුද්ගලයෙකුගේ අශෝභන හැසිරීමකින් රටක් විනිශ්චය කළ නොහැකි බව පවසන මෙම විදේශීය තරුණිය, ලංකාව අසිරිමත් දිවයිනක් බව ද පවසා […]
දයාසිරිගේ හැසිරීම ගැන හොයන්න පාර්ලිමේන්තුවේ කමිටුවක්

පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ දයාසිරි ජයසේකර මහතාගේ ක්‍රියාකලාපය ගැන පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සුනිල් වටගල මහතා සිදුකළ පැමිණිල්ලක් සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට ත්‍රිපුද්ගල කමිටුවක් පත් කර තිබේ. 2025 සැප්තැම්බර් 24 වනදා සභා ගර්භය තුළදී සිදුවූ සිදුවීමක් සම්බන්ධයෙන් සෙයාබැලීම සඳහා මෙම කමිටුව පත්කළ බව අද (19) පාර්ලමේන්තුවේදී කථානයකවරයා දැනුම් දුන්නේය. නියෝජ්‍ය කථානායක රිස්වි සාලි මහතා එම කමිටුවේ සභාපතිවරයා ලෙස නම් […]
සැප වාහන ගෙන්වීම ඉහළට

මෙරට සුඛෝපභෝගී වාහන ආනයනය ඉහළ ගොස් තිබෙනවා. පසුගිය මාසයේදී මෙරටට ආනයනය කරන ලද වාහන ලියාපදිංචි දත්ත ඇතුළත් නවතම වාර්තාවකට අනුව, කැපී පෙනෙන සුඛෝපභෝගී වාහන ලියාපදිංචි කිරීම් අතරට, Porsche රථ 5 ක් (2 Cayman, 1 Carrera, 1 Macan), Bentley රථ 4 ක් (3 Flying Spurs, 1 Bantagaya), සහ තනි Lamborghini Urus මෝටර් රථයක් ලියාපදිංචි කර තිබුණා. […]
තංගල්ල වෙඩි තැබීමේ තොරතුරු රැසක් හෙළිවෙයි

තංගල්ල උණාකූරුව ප්‍රදේශයේ අඹු සැමි යුවලක් වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන ක්‍රියාත්මකයි. පොලිසිය සඳහන් කළේ මෙලෙස වෙඩි තබා ඝාතනය කර තිබුණේ විදේශයක සිටින ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන උණාකූරුවේ ශාන්ත නමැත්තාගේ සමීපතම ඥාතීන් දෙදෙනෙකු බවයි. මෙම වෙඩි තැබීම සිදුව තිබුණේ මීටියාගොඩ – කිරලගහවෙල ප්‍රදේශයේ සිදු වූ වෙඩි තැබීමකින් කාන්තාවක් මියගොස් පැය 24ක් ගත […]