කොටුව මහේස්ත්රාත් අධිකරණයෙන් විදේශ ගමන් තහනමක් ලබා සිටින හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ එම තහනම් ඉවත් කරන ලෙස ඉල්ලමින් කොටුව මහේස්ත්රාත් අධිකරණයට මෝෂන් පත්රයක් ගොනුකර ඇතැයි වාර්තා වෙයි.
ඔහුට සිංගප්පූරුවේ හෘදය රෝග සැත්කමකින් පසු සිදුකිරීමට ඇති පශ්චාත් ප්රතිකාර කටයුතු සදහා එම විදේශ ගමන් තහනම ඉවත් කරන ලෙස ඉල්ලා තිබේ.
කොටුව මහේස්ත්රාත් අධිකරණය ඔහුට විදේශ ගමන් තහනමක් නිකුත් කර ඇත්තේ පාස්කු ඉරුදින ත්රස්ත ප්රහාරය වළක්වාගැනිමට අසමත් වීම පිළිබද නඩුවට අදාලවයි.



