ජනපති ලේකම් කාර්යාලය ඉදිරිපිට විරෝධතා පැවැත්වීම වළක්වමින් කොටුව අධිකරණයෙන් නියෝගයක්

කොළඹ ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට විරෝධතාවල නිරතවීම වළක්වාලමින් කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් අද (16) විශේෂ නියෝගයක් නිකුත් කර තිබෙනවා.

අධි ආරක්ෂිත කලාපයක් වන ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට මෙලෙස විරෝධතාවල නිරතවීමට ඉඩ නොදෙන ලෙස ඉල්ලමින් පොලීසිය විසින් අධිකරණය හමුවේ සිදුකළ කරුණු දැක්වීමක් සලකා බැලීමෙන් අනතුරුව මෙම නියෝගය ලබාදී ඇති බව සඳහන්.

ඒ අනුව පූජ්‍ය උලපනේ සුමංගල හිමි ඇතුළු පුද්ගලයින් 54 දෙනෙකුට කොටුව ජනාධිපති ලේකම් කාර්යාල පරිශ්‍රය ඇතුළු ඒ අවට ප්‍රදේශයේ රැඳී සිටීම වළක්වාලමින් කොටුව මහේස්ත්‍රාත් අධිකරණය මඟින් මෙම ආඥාව නිකුත් කර තිබෙනවා.

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් නිදහස් කරන ලෙස ඉල්ලා පැමිණි පාද යාත්‍රාවේ පිරිස් ජනාධිපති ලේකම් කාර්යාලය අසල කඳවුරු බඳිමින් විරෝධතාවයේ නිරත වූ පසුබිමක මෙම අධිකරණ නියෝගය අද නිකුත් කරනු ලැබුවා.

Share this post :

Facebook
Twitter
LinkedIn
Pinterest

Leave a Reply

Your email address will not be published. Required fields are marked *