‘මධුසංඛ’ නොහොත් ‘සමපෝෂ’ අත්අඩංගුවට

සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයකු වන ‘මධුසංඛ’ නොහොත් ‘සමපෝෂ’ නමැත්තා පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

කොළඹ උතුර කොට්ඨාස අපරාධ විමර්ශන අංශය මගින් සැකකරු අත්අඩංගවට ගෙන ඇති බව වාර්තා වේ.

සැකකරු සංවිධානාත්මක අපරාධකරුවකු සහ ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන ගමගේ සාරංග ප්‍රදීප් නොහොත් ‘වැල්ලේ සාරංග’ යන අයගේ සමීපතමයෙකු බවද පොලිසිය සඳහන් කළේය.

සැකකරු  ග්‍රෑන්ඩ්පාස්  ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 26 මිලිග්‍රෑම් 890 ක් ද සොයාගෙන තිබේ.

එමෙන්ම සැකකරු මනුෂ්‍ය ඝාතන පහකට සම්බන්ධ බවටද පොලිසිය සඳහන් කළේය.

Share this post :

Facebook
Twitter
LinkedIn
Pinterest

Leave a Reply

Your email address will not be published. Required fields are marked *