මත්ද්‍රව්‍ය සහ පාතාලය මේවා සේරම ආණ්ඩුවේ නිර්මාණ – සාගර කාරියවසම්

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ (SLPP) මහලේකම් සාගර කාරියවසම් මහතා වත්මන් පරිපාලනය විසින් මත්ද්‍රව්‍ය සහ සංවිධානාත්මක අපරාධ සම්බන්ධ ගැටළු ඇතුළු ජාතික අර්බුද හිතාමතාම නිර්මාණය කරමින් පසුව ඒවා විසඳා ගත් බව පෙන්වීමට උත්සාහ කරන බවට චෝදනා කළේය. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මත්ද්‍රව්‍ය උවදුර සහ පාතාල ගැටලුව වැනි අර්බුද මහජනතාවගේ ඇස් හමුවේ “වීරයෙකු” ලෙස පෙනී සිටීමට උත්සාහ […]

හිටපු අගමැතිවරයෙකුට ජනාධිපති අරමුදලෙන් රුපියල් මිලියන 30ක්

2012 සහ 2014 දී වෛද්‍ය ප්‍රතිකාර සඳහා ජනාධිපති අරමුදලෙන් හිටපු අගමැතිවරයෙකුට රුපියල් මිලියන 29.8 ක් ප්‍රදානය කරන ලද අතර, එයින් රුපියල් මිලියන 13.7 ක් අයකර ගත හැකි පදනමක් මත ලබා දෙන ලදී. කෙසේ වෙතත්, මෑත කාලීන විගණන වාර්තාවකට අනුව, මෙම මුදල 2025 ජුනි මාසය වන විටත් අයකරගෙන නොමැත. 2024 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වන වර්ෂය […]

විපක්ෂ නායක සජිත් ඉන්දියාවේ නිල සංචාරයක

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (03) පෙරවරුවේ ඉන්දියාව බලා පිටත්ව ගොස් ඇත. ඉන්දීය රජයේ නිල ආරාධනාවකට අනුව විපක්ෂ නායකවරයා ඉන්දියාවේ නවදිල්ලි නුවර බලා පිටත්ව ගිය බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් පැවසීය. මෙම සංචාරය අතරතුර විපක්ෂනායකවරයා ඉන්දීය රජයේ ඉහළ පෙළ අමාත්‍යවරුන් සහ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් රැසක් හමුවී සාකච්ඡා කිරීමට නියමිත බව එම මන්ත්‍රීවරයා අනාවරණය කළේය. […]

ගණේමුල්ල සංජීව ඝාතනය පස් පුද්ගල සැලැස්මක්

ගණේමුල්ල සංජීව ඝාතන සිද්ධිය පුද්ගලයින් පස් දෙනෙකුගේ සැලසුමකට අනුව සිදුකර ඇතැයි දැනට රැඳවුම් භාරයේ සිටින ඉෂාරා සෙව්වන්දි කොළඹ අපරාධ කොට්ඨාසය හමුවේ පවසා තිබෙනවා. පසුගිය පෙබරවාරි 19 වැනිදා කොළඹ අලු‍ත්කඩේ අධිකරණ සංකීර්ණයේ අංක 5 මහේස්ත්‍රාත් අධිකරණ ශාලාවේදී ගනේමුල්ල සංජීව වෙඩි ප්‍රහාරයකින් ජීවිතක්ෂයට පත්වුණා. පසුව වෙඩි තැබීම සිදුකළ සැකකරු අත්අඩංගුවට ගත් අතර ඊට අනුබල දුන් ඉෂාරා සෙව්වන්දි […]

‘මධුසංඛ’ නොහොත් ‘සමපෝෂ’ අත්අඩංගුවට

සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයකු වන ‘මධුසංඛ’ නොහොත් ‘සමපෝෂ’ නමැත්තා පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. කොළඹ උතුර කොට්ඨාස අපරාධ විමර්ශන අංශය මගින් සැකකරු අත්අඩංගවට ගෙන ඇති බව වාර්තා වේ. සැකකරු සංවිධානාත්මක අපරාධකරුවකු සහ ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන ගමගේ සාරංග ප්‍රදීප් නොහොත් ‘වැල්ලේ සාරංග’ යන අයගේ සමීපතමයෙකු බවද පොලිසිය සඳහන් කළේය. සැකකරු  ග්‍රෑන්ඩ්පාස්  ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇති […]

කෙහෙළියගේ පවුලේ සාමාජිකයින් ගොනුකළ පෙත්සම් 03ක් විසිවෙයි

අල්ලස් කොමිසම විසින් සිදු කරන විමර්ශනයකට අදාළව හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ පවුලේ සාමාජිකයින්ට අයත් වත්කම් තහනම් කිරීමට කොළඹ මහාධිකරණය විසින් දී ඇති නියෝගය බල රහිත කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කෙරුණු පෙත්සම් තුනක් නිෂ්ප්‍රභ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළේය. කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ පවුලේ සාමාජිකයින් විසින් මෙම පෙත්සම් ඉදිරිපත් කර තිබුණි. අදාළ පෙත්සම් […]

කෝප් සභාපතිට මරික්කාර්ගෙන් ටියුෂන් එකක්

උපායමාර්ගික සංවර්ධනය පිළිබඳව ආංශික අධීක්ෂණ කාරක සභාව මෙහෙයවීමේදී විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් ගේ හැසිරීම සම්බන්ධව සමාජ මාධ්‍ය ඇතුළු විචාරකයන් බොහෝදෙනෙකු ගේ ප්‍රසාදය හිමිව තිබේ. ඔවුන් සංසන්දනාත්මකව පෙන්වා දෙන්නේ, කෝප් කමිටුවට නිලධාරින් සහ වගකිවයුතු පාර්ශ්ව කැඳවූ අවස්ථාවන් බොහෝ විට එම පාර්ශ්වයන් ප්‍රසිද්ධියේ අපහාසයට ලක්වන සහ ඔවුන් දූෂිතයන් වැනි හැඟීමක් දනවන ලෙස ,බොහෝ විට පූර්ව නිගමන […]

මෙහෙණි‍යකට සත්තම දැමූ ඔගස්ටින්ට වැඩ වරදියි

මෙහෙණින් වහන්සේ නමකට බැන තර්ජනය කිරීමේ සිද්ධියක් සම්බන්ධ‍යෙන් සැකකරුවන් දෙදෙනෙකු ප්‍රසිද්ධ ස්ථානයක කළහකාරි ලෙස හැසිරීමේ චෝදනාව යටතේ වත්තල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. එම පුද්ගලයන් දෙදෙනා මෙහෙණින් වහන්සේට බැන තර්ජනය කරන සිදුවීමට අදාළ වීඩියෝවක් ද මේ වන විට සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වෙමින් පවතී.  මෙම වීඩියෝ පටයට අදාළ සිදුවීම ඊයේ (02) රාත්‍රී කාලයේ වත්තල පොලිස් […]

වතිකානු විදේශ ඇමති අද දිවයිනට

ශුද්ධාසනයේ රාජ්‍යයන් සහ ජාත්‍යන්තර සංවිධාන සමග සබඳතා පිළිබඳ ලේකම් අගරදගුරු පෝල් රිචඩ් ගැලගර් හිමිපාණන් අද (03) දිවයිනට පැමිනීමට නියමිතව තිබේ. ඒ හිමියන් අද සිට එළැඹෙන 08 දක්වා කාලය තුළ ශ්‍රී ලාංකාවේ නිල සංචාරයක නිරත වීමටද නියමිතය. ශ්‍රී ලංකාව සහ ශුද්ධාසනය අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතා ස්ථාපිත කිරීමේ 50 වැනි සංවත්සරය සැමරීම නිමිත්තෙන් ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු, විදේශ […]

උසස් පෙළ උපකාරක පන්ති හෙට මැදියම් රැයෙන් තහනම්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය එළැඹෙන 10 වැනිදා සිට දෙසැම්බර් මස 5 වැනි දින දක්වා පැවැත්වීමට නියමිත බව විභාග කොමසාරිස් ජනරාල්  ඒ. කේ. එස්. ඉන්දිකා කුමාරි ලියනගේ මහත්මිය පවසයි. විභාග කොමසාරිස් ජනරාල්වරිය පැවසුවේ ඒ අනුව දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 2,362ක උසස් පෙළ විභාගය පැවැත්වීමට මේ වන විට සියලු කටයුතු සූදානම් කර ඇති බවය. […]