මාර්තු සිට ලිට්‍රෝ ගෑස් වැඩි ප්‍රමාණයක් වෙළෙඳපොළට

ලබන මාර්තු 12 වැනිදා සිට වෙළෙඳපොළට නිකුත් කරන ලිට්‍රෝ ගෑස් සිලින්ඩර ප්‍රමාණය ඉහළ නැංවීමට බලාපොරොත්තු වන බව වෙළෙඳ අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා ප්‍රකාශ කළා.

දිවයිනේ ප්‍රදේශ රැසක තවමත් ගෑස් හිඟයක් පවතින බවට පාරිභෝගිකයන් චෝදනා කරන අතර, ඇතැම් ස්ථානවල ගෑස් මිලදී ගැනීම සඳහා පෝලිම් ද දක්නට ලැබුණා.

ලිට්‍රෝ සහ ලාෆ්ස් යන වර්ග දෙකෙහිම හිඟයක් පවතින බවට ජනතාව මැසිවිලි නගන පසුබිමක, අද උදෑසන වන විට ඇතැම් ප්‍රදේශවලට සීමිත ගෑස් තොග ලැබී තිබුණා.

ප්‍රමාණවත් ගෑස් තොග පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය නව ඇණවුම් දැනටමත් සිදුකර ඇති බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා.

ඒ අනුව පෙබරවාරි මාසය නිමවීමට පෙර ගෑස් නෞකා තුනක් මෙරටට ළඟාවීමට නියමිත බව එම සමාගම වැඩිදුරටත් නිවේදනය කළා.

මේ අතර, පෙබරවාරි 26 වැනිදා සිට ලාෆ්ස් ගෑස් යළි වෙළෙඳපොළට නිකුත් කරනු ඇතැයි එම සමාගම දැනුම් දී ඇති බවට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපති හේමන්ත සමරකෝන් මහතා පවසනවා.

Share this post :

Facebook
Twitter
LinkedIn
Pinterest

Leave a Reply

Your email address will not be published. Required fields are marked *