මැයි මාසයට අදාළ ඉන්ධන මිල සංශෝධනයක් අද (01) දිනයේ සිදු නොවන බව ඛණිජතෙල් නීතිගත සංස්ථාව පවසනවා.
ඉදිරි දිනකදී මිල සංශෝධනය සම්බන්ධයෙන් තීරණයක් ගන්නා බව එහි ප්රකාශකයෙකු සඳහන් කර තිබෙනවා.
ඒ අනුව අවසන් වරට ඉන්ධන මිල සංශෝදනය සිදු කරනු ලැබුවේ පසුගිය මාර්තු 21 වන දිනයි.
එහිදී රුපියල් 317ක්ව පැවති ඔක්ටේන් 92 වර්ගයේ පෙට්රල් ලීටරයක මිල රුපියල් 81කින් ඉහළ දැමූ අතර ඔක්ටේන් 92 වර්ගයේ පෙට්රල් ලීටරයක මිල නව මිල වුයේ රුපියල් 398ක්.
රුපියල් 365ක්ව පැවති ඔක්ටේන් 95 වර්ගයේ පෙට්රල් ලීටරයක මිල රුපියල් 90කින් ඉහළ දැමූ අතර එහි නව මිල රුපියල් 455ක් දක්වා ඉහල ගියා.
රුපියල් 303ක්ව පැවති ඔටෝ ඩීසල් ලීටරයක මිල ද රුපියල් 79කින් ඉහළ ගිය අතර එහි නව මිල වූයේ රුපියල් 382ක්.
රුපියල් 353ක්ව පැවති සුපිරි ඩීසල් ලීටරයක මිල ද රුපියල් 90කින් ඉහළ දැමූ අතර එහි නව මිල රුපියල් 443ක් දක්වා ඉහල ගිය අතර ලීටරයක් රුපියල් 195ක්ව පැවති භූමිතෙල් මිල ද රුපියල් 60කින් ඉහළ දැමීමට කටයුතු කර අතර එහි නව මිල වූයේ රුපියල් 255ක්.



