මීගමුව බන්ධනාගාර ගැටුමින් තවත් නිලධාරීන් දෙදෙනෙකු මරුට

මීගමුව බන්ධනාගාර ගැටුමෙන් තුවාල ලබා කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි තවත් බන්ධනාගාර නිලධාරීන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

පොලීසිය පැවසුවේ, ඊයේ (13) සහ අද (14)අලුයම අදාළ බන්ධනාගාර නිලධාරීන් දෙදෙනා මියගොස් ඇති බවය.

මෙලෙස මියගොස් ඇත්තේ 25 හැවිරිදි සහ 39 හැවිරිදි බන්ධනාගාර නිලධාරීන් දෙදෙනෙකු බව සඳහන්ය.

ඒ අනුව මීගමුව බන්ධනාගාර ගැටුමෙන් මියගිය බන්ධනාගාර නිලධාරීන් සංඛ්‍යාව දස දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබේ.

ජුලි මස 5 සහ 6 යන දෙදින තුළ බන්ධනාගාරයේ ඇති වූ ගැටුමෙන් බන්ධනාගාර රැඳවියන් 21 දෙනෙකු ද මියගොස් ඇති බව පොලීසිය සඳහන් කළේය. ඒ අනුව සිිදුවු සමස්ත මරණ ගණන 31ක් දක්වා ඉහළ ගොස් ඇත.

අදාළ ගැටුමෙන් තුවාල ලැබූ තවත් බන්ධනාගාර රැඳවියන් සහ නිලධාරීන් කොළඹ ජාතික රෝහලේ සහ මීගමුව රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බව සඳහන්ය.

Share this post :

Facebook
Twitter
LinkedIn
Pinterest

Leave a Reply

Your email address will not be published. Required fields are marked *