“මේ ආණ්ඩුවට අවුරුදු 2කට කලින් යන්න වෙනවා..”

වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට වසර දෙකක් ගත වීමට පෙර ජනාධිපති ධූරයෙන් ඉවත් වීමට සිදු වන බව කළුතර දිස්ත්‍රික් සමඟි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් විතාන මහතා පවසනවා.

2029 වසරේදී ජනාධිපති ධූරය දැරීමට සුදුසු පුද්ගලයා කවුරුන්ද යන වග පිළිබඳව මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින් ඔහු මේ බව කියා සිටියා.

3% ක සිටි ජනතා විමුක්ති පෙරමුණට රටේ බලය ලබාගැනීම සඳහා අවුරුදු 30ක් පමණ ගත වූ බවත්, නාමල් රාජපක්ෂ ජනාධිපති ධූරයට පැමිණීමට නම් එවැනි ආකාරයටම අවුරුදු ගණනාවක් ගත වන බවත් ඔහු සඳහන් කළා.

දැනට සිටින්නේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස බවත්, ඔහු අත්දැකිම් බහුල පුද්ගලයෙක් වන බවත් ඔහු පෙන්වා දුන්නා.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු කියා සිටියේ,

“නාමල් රාජපක්ෂ ඉතින් ජනතා විමුක්ති පෙරමුණ වගේ තව ගොඩක් කල් යනවා. 3% නේ ඉන්නේ දැන්. 3% හිටපු කට්ටිය අවුරුදු 30ක් විතර ගියානේ බලයට එන්න. දැනට පේන තෙක් මානෙක ඉන්නේ පොදු විපක්ෂයත් පිළිගන්නවා, UNP එකත් පිළිගන්නවා සජිත් තමයි ඉන්නේ. එතුමාව අපේ නායකයා විදිහට පුටුවේ වාඩිකරවන්න තමයි කටයුතු කරන්නේ”

Share this post :

Facebook
Twitter
LinkedIn
Pinterest

Leave a Reply

Your email address will not be published. Required fields are marked *