වාහන සඳහා ලබා දෙන ණය සීමාවන් දැඩි කිරීම අද සිට බලාත්මකයි

මෝටර් රථ සඳහා ලබා දෙණ ණය වටිනාකම් සීමා කිරීමට ගෙන ඇති තීරණය අද සිට (25) බලාත්මක වන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

ඒ අනුව වාණිජ වාහන සඳහා ලබා දෙන ණය සීමාව 60% දක්වා පහත හෙළීමට මහ බැංකුව පියවර ගෙන ඇත.

ඒ අනුව මෙතෙක් පැවැති වාහනයක් මිලදී ගැනීම සඳහා දිය හැකි උපරිම ණය සීමාව වාහනයේ වටිනාකමින් 70%ක අගය 60% දක්වා 10%කින් පහත දමා ඇත.

එමෙන්ම මෝටර් රථ, එස්.යූ.වී, වෑන්රථ සහ ත්‍රීරෝද රථ ඇතුළු පුද්ගලික වාහන මිලදී ගැනීම සඳහා ණය පහසුකම් සැපයීමේදී ඒ සඳහා දිය හැකි උපරිම ණය සීමාව මෙතෙක් පැවැති 50% සිට 40% දක්වා 10%කින්ද ද අඩු කර තිබේ.

මින් පෙර 2025 වසරේදී ද මෙම ණය සීමාවන් පහත දැමීමටද මහ බැංකුව තීරණය කර තිබුණි.

ඒ අනුව පසුගිය වසරේ ජූලි මස 17 වැනි දින මේ සම්බන්ධව පැවැති අගයන් වූයේ වාණිජ වාහන  සඳහා 80%ක් සහ මෝටර් රථ සහ වෑන් රථ සඳහා උපරිම ණය සීමාව 60%ක් දක්වාය.

පවතින තත්ත්වයන් තුළ එම අගයන් සංශෝධනය කරමින් 2025 නොවැම්බර් 7 වැනි දින මෙම අගයන් තවත් පහළ හෙළීමට මහ බැංකුව තීරණය කළේය.

ඒ අනුව වාණිජ වාහන සඳහා උපරිම ණය සීමාව 70%ක් දක්වාත් මෝටර් රථ, වෑන්, ත්‍රීවිල් සහ අනෙකුත් වාහන සඳහා ණය සීමාව 50% දක්වාත් පහළ දැමීමට මහ බැංකුව කටයුතු කෙරිණි.

පවතින තත්ත්වයන් තුළ නැවතත් එම අගයන් සංශෝධනය කරමින් මහ බැංකුව විසින් අද සිට බලාත්මක වන පරිදි වාණිජ වාහන සඳහා උපරිම ණය සීමාව 60%ක් දක්වා සහ මෝටර් රථ, වෑන්, ත්‍රීවිල් සහ අනෙකුත් වාහන සඳහා  40%ක උපරිම ණය සීමාවන් පැනවීමට මහ බැංකුව තීරණය කර ඇත.

Share this post :

Facebook
Twitter
LinkedIn
Pinterest

Leave a Reply

Your email address will not be published. Required fields are marked *