විමල් වීරවංශට ඇප

තලංගම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කළ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා සහ තවත් සැකකරුවෙකු ඇප මත මුදාහැර තිබේ. එක් අයෙකුට රු. ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප 2ක් මත මුදාහැරීමට කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර ඇත. ජාතික නිදහස් පෙරමුණේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි විමල් වීරවංශ මහතා අද (25) උදෑසන […]
හිටපු අමාත්‍ය විමල් වීරවංශ අත්අඩංගුවට

පසුගිය මැයි 18 වනදා රණවිරු ස්මාරකය අසල දී ඇති වූ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දීම සඳහා අද (25) තලංගම පොලිසිය වෙත පැමිණි හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා අත්අඩංගුවට ගෙන තිබෙනවා. මේ බව හිටපු අමාත්‍යවරයාගේ නිල මුහුණුපොතෙහි පොස්ටුවක් පළකරමින් සදහන් කළා.
“බුදු දහම රැකගන්න ඕනේ ගිහියන්ගෙන් නෙවෙයි හාමුදුරුලාගෙන්..”

වර්තමානයේ බුදුදහම ආරක්ෂා කර ගැනීමට සිදුව ඇත්තේ අන්‍යාගමිකයන්ගෙන් හෝ ගිහියන්ගෙන් නොව, ශාසනය තුළ සිටින ඇතැම් භික්ෂූන් වහන්සේලාගෙන්ම බව පූජ්‍ය කැළණියේ ශාසනවංශ හිමියන් පවසනවා. වත්මන් සමාජය තුළ බුදුදහම දැඩි ලෙස විකෘති වෙමින් පවතින බව පෙන්වා දුන් ශාසනවංශ හිමියන්, බුදුරජාණන් වහන්සේට සහ උන්වහන්සේගේ ශ්‍රී සද්ධර්මයට එල්ල වී ඇති ලොකුම තර්ජනය වත්මන් භික්ෂූන් වහන්සේලාම බව කනගාටුවෙන් වුවද ප්‍රකාශ […]
වාහන සඳහා ලබා දෙන ණය සීමාවන් දැඩි කිරීම අද සිට බලාත්මකයි

මෝටර් රථ සඳහා ලබා දෙණ ණය වටිනාකම් සීමා කිරීමට ගෙන ඇති තීරණය අද සිට (25) බලාත්මක වන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. ඒ අනුව වාණිජ වාහන සඳහා ලබා දෙන ණය සීමාව 60% දක්වා පහත හෙළීමට මහ බැංකුව පියවර ගෙන ඇත. ඒ අනුව මෙතෙක් පැවැති වාහනයක් මිලදී ගැනීම සඳහා දිය හැකි උපරිම ණය සීමාව වාහනයේ වටිනාකමින් […]
විද්‍යා දැරියගේ සිද්ධියේ සැකකරුවෙක් බන්ධනාගාරයේදී අවසන් ගමන් යයි

මහත් ආන්දෝලනයකට තුනු දුන් යාපනයේ සිවලෝගනාදන් විද්‍යා නම් දැරිය දූෂණය කර මරා දැමීමේ චෝදනාව සම්බන්ධයෙන් මරණ දඬුවම නියම වී රක්ෂිත බන්ධනාගාර ගතව සිටි වරදකරුවෙකු සියදිවි නසාගෙන ඇතැයි වාර්තා වේ. මෙලෙස සියදිවි නසාගෙන ඇත්තේ පූබාලසිංහම් ජෙයකුමාර් නම් 46 හැවිරිදි අයෙක් බව සඳහන්ය. ඔහු යාපනය බන්ධනාගාරයේ රඳවා තිබූ අතර, ඊයේ (24) රාත්‍රියේ සියදිවි නසාගෙන ඇතැයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් […]