අද (17) දින රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්යක්ෂ සූරේෂ් සලේ මහතාගේ බිරිඳ වන මනෝරි සලේ මහත්මිගෙන් සූරේෂ් සලේ මහතාගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව මාධ්‍ය විමසා සිටියේය.
එහිදී ඇය පවසා ඇත්තේ සූරේෂ් සලේ මහතාගේ සෞඛ්‍ය තත්ත්වය මේ වනවිට අසාධ්‍ය මට්ටමකට පත්ව ඇති බවත්ය.
ඇය වැඩිදුරටත් පවසා ඇත්තේ,
“සුරේශ් දිගටම කන්නෙත් නෑ බොන්නෙත් නෑ එයාගේ ෆාස්ට් එක අතාරින්නෙත් නෑ. දිනෙන් දින එයාගෙ සෞඛ්‍ය තත්ත්වය පිරිහෙනවා.කතා කරන්නත් ටිකක් අමාරුයි එක දිගට ඉදගෙන ඉන්න බෑ.දැන් කැන්යුලා නිසා අත් ඉදිමිලා.දැන් ඒවා ගලවලා දැන් නේසල් ටියුබ් එකක් දාලා පොඩ්ඩ පොඩ්ඩ දියර දෙනවා.ඒකෙන් තමා ඩොක්ටර්ස්ලා ජීවත් කරවන් ඉන්නේ. ඊයේ මානව හිමිකම් කොමිෂන් එකෙන් කතා කරලා තිබ්බා අපි දෙගොල්ලොටම.CID එකෙන් ගිය සැරේ එන්න බැරි වුණා.මේ සැරේ තමා ආවේ.
පළමු වතාවට ඒගොල්ලො පිලිගත්තා සුරේශ්ට ඒ කියපු විදිහට සෙල් එකෙන් එළියට අරගෙන නිරුවත් කරලා ඩීප් ඉන්වේසිව් චෙක් එකක් කරා කියලා.මෙච්චර කල් පිලිගත්තෙ නෑනේ.දැන් කල බවට පිළිගත්තා.ඉතින් HRC එකෙන් CCTV Footage ඉල්ලුවා.ඒ චෙක් එකට සම්බන්ධ වුණ නිළධාරීන්ගේ නම් චක්‍රලේකන ඒ සියල්ලම.ඉතින් කියන්න තියෙන්නේ සුරේශ්ට එයාල සැලසුම් සහගතව මෙන්ටල් ටෝචර් එකක් දීලා තියෙන්නේ.හිර භාරයට ගත්තට පස්සේ හොදට හිටියා ඊට පස්සේ තමා punishment cell එකට දාලා හරියට වද දීලා ඔහොම කරලා තියෙන්නේ.
අපි බොරු කියන්නේ නෑ.අපි කියන්නේ වෙච්ච දේවල්.ඉස්සරහට යනකොට දේවල් පිලිගන්න වෙයි. සුරේශ්ව තියලා තියෙන්නේ 6×4 පොඩි සිර කුටියක.වාතාශ්‍රයක් නෑ.පැය 24ම වද දෙන්න විදුලි බල්බය දල්වලා.නිදාගන්න මොකුත් නෑ.සිමෙන්ති පොලොවේ නිදාගන්නේ.ඒක මීයෝ පිරිච්ච තැනක් කලින් අයවත් මීයෝ කාලා ඉන්ජෙක්ෂන් කරා. බාත් රූම් එක ලග සෙල් එක එතන ගදයි.සුරේශ්ට මිග්රේන් තියෙනවා.හරියට වද දීලා.”



