අක්‍රම් පසුකර ස්ටාක් වැජඹෙයි

ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් පිටියේ වැඩිම කඩුලු දවාගත් වමත් වේගපන්දු යවන්නා පත්වීමට ඔස්ට්‍රේලියාවේ මිචෙල් ස්ටාක්ට අද (4) අවස්ථාව උදාවිය.

‘අළු බඳුන’ තරගාවලියේ බ්‍රිස්බේන්හිදි අද ආරම්භ වූ දෙවන තරගයේදී ඔහු මෙම සුවිශේෂී කඩඉම පසුකර ගියේය.

ස්ටාක් මෙම තරගයේ මේ වනවිට කඩුලු 4ක් බිඳහෙළා ඇතිඅතර, ඒ සමග ඔහුගේ ටෙස්ට් කඩුලු සංඛ්‍යාව 416ක් දක්වා ඉහළගොස් ඇත.

ඒ අනුව ඔහුට ලොව මෙතෙක් වැඩිම ටෙස්ට් කඩුලු දවාගත් වමත් වේගපන්දු යවන්නා බවට පත්ව සිටි පාකිස්තානයේ වසීම් අක්‍රම් (කඩුලු 414) අබිබවා යෑමට හැකිවිය.

මෙම වාර්තාවේ තෙවන ස්ථානයේ ශ්‍රී ලංකාවේ චමින්ද වාස් (355), සිව්වන ස්ථානයේ නවසීලන්තයේ ට්‍රෙන්ට් බෝල්ට් (317) හා පස්වන ස්ථානයේ ඔස්ට්‍රේලියාවේ මිචෙල් ජොන්සන් (313) පසුවෙති.

ටෙස්ට් ඉතිහාසයේ වඩාත්ම සාර්ථක වමත් වේග පන්දු යවන්නා බවට පත්වීම ගැන වසීම් අක්‍රම්ද, සිය සමාජ මාධ්‍ය ගිණුම් හරහා ස්ටාර්ක්ට සුබ පතා තිබේ.

Share this post :

Facebook
Twitter
LinkedIn
Pinterest

Leave a Reply

Your email address will not be published. Required fields are marked *