බත්තරමුල්ල, අකුරේගොඩ ප්‍රදේශයේ සුපිරි වෙළඳසැලක් අසලදී අද (13) පස්වරුවේ සිදුවූ වෙඩි තැබීමකින් ජීප් රථයක් තුළ සිටි යුවළක් ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලිසිය පවසනවා.
මෝටර් රථයකින් පැමිණි සන්නද්ධ පිරිසක් විසින් මෙම වෙඩි තැබීම සිදුකර පලාගොස් තිබෙනවා.
සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇති අතර, වෙඩි තැබීමට හේතුව හෝ සැකකරුවන් පිළිබඳ මෙතෙක් තොරතුරු අනාවරණය වී නැහැ.



