අගමැති හරිනි දිවයිනට

අග්‍රාමාත්‍ය ආචාර්ය  හරිනි අමරසූරිය මෙනවිය සිය චීන සංචාරය නිමා කර  අද (15) අලුයම කටුනායක ගුවන් තොටුපොළ ඔස්සේ මෙරටට පැමිණි බව ගුවන් තොටුපොළ කාර්යය භාර නිලධාරීවරයා ද සනාථ කළේය

ඇය චීනයේ පැවති ජාත්‍යන්තර ගෝලීය කාන්තා සමුළුවකට සහභාගී වීම සදහා ශ්‍රී ලංකා දූත පිරිස ලෙස දෙදෙනෙකු ද සමග පිටත්ව ගොස් සිටියාය .

මෙම පිරිස අද අලුයම 04.45 ට චීනයේ ග්වැන්ෂෝ නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 881 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි.

Share this post :

Facebook
Twitter
LinkedIn
Pinterest

Leave a Reply

Your email address will not be published. Required fields are marked *