අත්අඩංගුවට ගත් සැකකරුවන් මාධ්‍ය ඉදිරියේ ප්‍රශ්න කිරීම නීති විරෝධියි

අත්අඩංගුවට ගත් සැකකරුවන් මාධ්‍ය ඉදිරියේ ප්‍රශ්න කිරීම, ඔවුන්ගේ ප්‍රකාශ ලබාගෙන ඒවා සමාජ මාධ්‍ය ඔස්සේ බෙදා හැරීම නීති විරෝධී මෙන්ම පොලිසියේ වෘත්තීයභාවයට හානිකර ක්‍රියාවක් බව ජනාධිපති නීතීඥ සාලිය පීරිස් අවධාරණය කරයි.

සිය නිල ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් ඒ මහතා පෙන්වා දෙන්නේ, අත්අඩංගුවට ගැනීම් සහ අපරාධ පරීක්ෂණ සිදු කළ යුත්තේ නීතියෙන් ස්ථාපිත ක්‍රියා පටිපාටියට අනුව පමණක් බවයි.

ඒ මහතාට අනුව, “සැකකරුවන් මාධ්‍ය ඉදිරියේ ප්‍රශ්න කිරීම, ඔවුන්ගේ වොයිස් කට් ලබා දීම සහ එම ක්ලිප් මාධ්‍ය සහ සමාජ මාධ්‍ය හරහා බෙදා හැරීම මහජනතාවගේ සමහර කොටස් පිනවන නමුත් නඩු විභාගය ආරම්භ වූ පසු ඒවායින් පැමිණිල්ලට වාසියක් නැත.”
එවැනි ක්‍රියාවන් “බොළඳ ක්‍රියා” ලෙස හඳුන්වන ජනාධිපති නීතීඥවරයා, එමගින් පොලිසියේ ප්‍රතිරූපයට හානි වන බවත්, විමර්ශකයන්ගේ වෘත්තීයභාවය පිළිබඳව ප්‍රශ්න පැන නඟින අතර සමස්ත නීති පද්ධතියටම අපකීර්තියක් ගෙන එන බවත් අවධාරණය කර ඇත.

නීතියේ ආධිපත්‍යය තහවුරු කිරීමට නම්, සියලුම විමර්ශන කටයුතු නිසි ප්‍රමිතියට අනුව සිදු කළ යුතු බව ජනාධිපති නීතීඥ සාලිය පීරිස් ගේ අදහස වී තිබේ.

Share this post :

Facebook
Twitter
LinkedIn
Pinterest

Leave a Reply

Your email address will not be published. Required fields are marked *