අදත් පැය 12ක ජල කප්පාදුවක්

පවතින වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් හෝමාගම කලාප අංක 02 ට අයත් ප්‍රදේශ කිහිපයකට අද (07) දිනයේ ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනය කර තිබෙනවා.

අද පෙරවරු 08.00 සිට පස්වරු 08.00 දක්වා පැය 12ක කාලයක් මෙම ජල කප්පාදුව ක්‍රියාත්මක වන බවයි සඳහන් වන්නේ.

ඒ අනූව හෝමාගම නගරය, වෑකන්ද, පින්කෙත පාර සහ වලව්ව පාර, ගැමුණු මාවත සහ අතුරුගිරිය පාර, ගලවිල වත්ත, නියඳගල සහ මාගම්මන, මහකටුවාන, දෙනිය සහ දියගම විශ්වවිද්‍යාලය යන ප්‍රදේශවල ජල සැපයුම අත්හිටවනු ඇති.

Share this post :

Facebook
Twitter
LinkedIn
Pinterest

Leave a Reply

Your email address will not be published. Required fields are marked *