‘අනුන්ගේ කලිසම තමන්ගෙ වගේ ඇඳගෙන යන අයවැයක්’

මෙවර අයවැය අනුන්ගේ කලිසම තමන්ගෙ වගේ ඇඳගෙන යන අයවැයක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක ප්‍රකාශ කරනවා.

ඔහු මේ බව සඳහන් කළේ අයවැය යෝජනාවලියෙන් පසුව මාධ්‍ය අමතමින්.

ඔහු එහිදී වැඩිදුරටත් සඳහන් කළේ.

”2025 අයවැය යෝජනා 57ක් තිබ්බා, මේ 57න් 29යි ක්‍රියාත්මක වෙලා තියෙන්නේ”

”කෘෂිකර්මාන්ත හා කර්මාන්ත අංශවල තරුණ ව්‍යවසායක සංවර්ධනය මිලියන 500යි ගිය සැරේ ඒකෙ ප්‍රගතිය ගිහිල්ලා නෑ ඒක සෘණ, ශ්‍රී ලංකික දිනය කියලා ගිය සැරේ මිලියන 300ක් වෙන්කළා, අද වෙනතුරු ප්‍රගතියක් නෑ. ඒ ගිය සැරේ ලියකිවිල්ලේ ප්‍රාග්ධන වියදම් 24% කෙරිලා නෑ. දැන් ජනාධිපතිතුමාගේ කතාවේ කිව්වා අයවැ‍යවල පරතරය, හරි ඉතින් අයවැයවල පරතරය මේකෙ 75%ක් ඉතුරුවෙලා නේ. ඊළඟට වාහන ආනයනය, වාහන ආනයනයෙන් රුපියල් ඉතුරු වුණානේ.”

”ඒක නිසා මේ සැරේ අයවැය ගිය සැරේ අයවැය වගේම තමයි, ඒක නිසා තමයි මං කිව්වේ අනුන්ගෙ කලිසම තමන්ගෙ වගේ ඇඳගෙන යන අයවැයක් කියලා.

එහිදී ඔහු වැඩිදුරටත් පැවසුවේ, ”පාර්ලිමේන්තුවේ පැය පහමාර අහන්නත් එපැයි ගිය සැරේ කියපුවාද මේ සැරෙත් තියෙන්නේ කියලා අහගෙන හිටියා, හැබැයි අහගෙන හිටියට මේව එකෙන් එක බලනවා අපි, මම විශේෂයෙන්ම බලලා තමයි මේ ලස්සනට කියලා තියෙන්නේ මේ ප්‍රගතිය පාර්ලිමේතුවෙන් ගත්ත ප්‍රගතිය.”

එහිදී මධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් ඔහු පැවසුවේ, ” ඩබල් කැබ් දෙනවා කියලා ආණ්ඩුව කියනවා දෙනවාද නැද්ද දන්නේ නෑනේ අපි ආණ්ඩුවේ නෙවෙයි නේ, හැබැයි ඉතින් මන්ත්‍රීවරු ඉන්නේ මෙතන කී දෙනයිද එක්දහස් ගානක්ද කොහෙද ගේනවා නේ මන්ත්‍රීවරු එක්දහස් ගාණක් නෑ මන්ත්‍රීවරු ඉන්නේ පොඩි ගාණක්.” යනුවෙන්ද හෙතම පැවසුවා.

Share this post :

Facebook
Twitter
LinkedIn
Pinterest

Leave a Reply

Your email address will not be published. Required fields are marked *