21 රැලියට විමල්ගේ පක්ෂය නෑ

නොවැම්බර් 21 වැනිදා පැවැත්වීමට නියමිත රැලියට සහභාගී නොවීමට ජාතික නිදහස් පෙරමුණ තීරණය කර තිබේ. එම පක්ෂයේ සභාපති විමල් වීරවංශ මහතාගේ අත්සනින් යුතුව නිවේදනයක් නිකුත් කරමින් එම පක්ෂය සඳහන් කර ඇත්තේ කරුණු කිහිපයක් මත මෙම තීරණය ගත් බවය.  

කොටහේන වෙඩි තැබීමට පලනි රිමෝෂන්ගේ පාර්ශවය හවුල්

කොටහේන ප්‍රදේශයේ දී ඊයේ (07) සිදුකළ වෙඩිතැබීමෙන් මියගොස් ඇත්තේ, අපරාධ කල්ලි සාමාජික බාලචන්ද්‍රන් පුෂ්පරාජ් නොහොත් “පූකුඩු කන්නා” නැමැත්තාගේ ගෝලයෙකු බව විමර්ශනවලදී අනාවරණ වී තිබේ. කොටහේන 16 වැනි පටුමගේදී ඊයේ රාත්‍රීයේදී  සිදුකළ වෙඩිතැබීමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්විය. පොලීසිය පැවසුවේ මෝටර් රථයකින් පැමිණි පිරිසක් විසින් මෙම වෙඩිතැබීම සිදුකර පලාගොස් ඇති බවය. මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ 43 හැවිරිදි පුද්ගලයෙකු […]

‘අනුන්ගේ කලිසම තමන්ගෙ වගේ ඇඳගෙන යන අයවැයක්’

මෙවර අයවැය අනුන්ගේ කලිසම තමන්ගෙ වගේ ඇඳගෙන යන අයවැයක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක ප්‍රකාශ කරනවා. ඔහු මේ බව සඳහන් කළේ අයවැය යෝජනාවලියෙන් පසුව මාධ්‍ය අමතමින්. ඔහු එහිදී වැඩිදුරටත් සඳහන් කළේ. ”2025 අයවැය යෝජනා 57ක් තිබ්බා, මේ 57න් 29යි ක්‍රියාත්මක වෙලා තියෙන්නේ” ”කෘෂිකර්මාන්ත හා කර්මාන්ත අංශවල තරුණ ව්‍යවසායක සංවර්ධනය මිලියන 500යි ගිය සැරේ ඒකෙ […]

ශ්‍රී ලංකා ක්‍රිකට් පිල පාකිස්තානයට පිටව යයි

පාකිස්තානයේ තරග සංචාරයක් සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද (08) උදෑසන දිවයිනෙන් පිටත්ව ගියා. ශ්‍රී ලංකාව මෙහිදී පාකිස්තානය සමග එක්දින තරග 3කට එක්වීමට නියමිත අතර එම තරග මේ මස 11 වැනිදා ආරම්භ වනවා. ඉන් අනතුරුව පාකිස්තානය සහ සිම්බාබ්වේ කණ්ඩායම් සමග පන්දු වාර 20 තුන්කොන් තරගාවලියකට ද ශ්‍රී ලංකා පිල එක්වනු ඇති. එම තරගාවලිය මේ මස […]

T20 ලෝක කුසලානය ගැන ICCයෙන් පැහැදිලි කිරීමක්

ශ්‍රී ලංකාවේ සහ ඉන්දියාවේ සම සත්කාරකත්වය යටතේ ලබන වසරේ පැවැත්වෙන විස්සයි20 පිරිමි ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පූර්ව සූදානම පිළිබඳ ICCයෙන් පැහැදිලි කිරීමක් සිදුකර තිබේ. ඒ අනුව තරගාවලියේ ඉන්දියාවේ පැවැත්වෙන තරග අහමදාබාද්, දිල්ලි, කොල්කටා, චෙන්නායි සහ මුම්බායි යන නගර කේන්ද්‍ර කරගනිමින් පැවැත්වීමට නියමිතය. එමෙන්ම ශ්‍රී ලංකාවේ තරග පැවැත්වෙන ක්‍රීඩාංගණ පිළිබඳ අවසන් තීරණය ගෙන නොමැති වුවත්, ඒ […]

මහින්දානන්ද සහ නලින්ගේ ඇප ඉල්ලීම් ඉවතට

කැරම් බෝඩ් නඩුව සම්බන්ධයෙන් සිර දඬුවම් නියම වී සිටින හිටපු අමාත්‍යවරුන් වන මහින්දානන්ද අලුත්ගමගේ සහ නලින් ප්‍රනාන්දු යන අය එම දඩුවමට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කර ඇති නිසා තමන්ව ඇප මත මුදා හරින ලෙස ඉල්ලා ගොනු කළ ඇප ඉල්ලීම් ප්‍රතික්ෂේප කිරීමට කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල නියම කර තිබේ. අධිකරණ වාර්තාකරු සඳහන් කළේ ප්‍රියන්ත ලියනගේ, […]

2026 අයවැය දෙවන වර කියවීමේ විවාදය අද සිට

2026 අයවැය දෙවන වර කියවීමේ විවාදය අද (08) සිට ආරම්භ වෙයි. පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව පැවසුවේ අයවැය දෙවන වර කියවීමේ ඡන්ද විමසීම නොවැම්බර් 14 වන සිකුරාදා පස්වරු 6ට පැවැත්වීමට නියමිත බවය. අයවැය තෙවන වර කියවීම හෙවත් කාරක සභා අවස්ථාවේ විවාදය නොවැම්බර් මස 15 සිට දින 17ක් පැවැත්වීමෙන් පසු අයවැය තෙවන වර කියවීමේ ඡන්ද විමසීම දෙසැම්බර් මස […]