“අපිත් ඔබත් එක්ක ඉන්නවා..” – ශ්‍රී ලංකාව ගැන පුටින් දුක් වෙයි

මෙරටට බලපා ඇති අයහපත් කාලගුණයෙන් සිදු වූ ආපදා හානී සහ සිදු වූ ජීවිත හානි සම්බන්ධයෙන් රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත සිය ශෝකය පළ කර තිබේ.

 රුසියානු ජනාධිපතිවරයා X පණිවිඩයක් ඔස්සේ ජනාධිපතිවරයාට පවසා ඇත්තේ ඛේදවාචකය පිළිබඳව සිය ශෝකය පළ කරන අතර මෙම දුෂ්කර කාලය තුළ රුසියාවේ සහාය තවදුරටත් තහවුරු කරන බවය.

“අතිගරු ජනාධිපතිතුමනි,

ඔබේ රටට බලපෑ ගංවතුර සහ නායයෑම් හේතුවෙන් සිදු වූ බොහෝ මිනිස් ජීවිත හානි සහ විශාල විනාශය පිළිබඳව මාගේ අවංක ශෝකය පිළිගන්න.

මියගිය අයගේ පවුල්වලට සහ ආදරණීයයන්ට සිය ශෝකය  සහ සහයෝගය ප්‍රකාශ කරන ලෙසත්, තුවාල ලැබූ සියලුදෙනාට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා.” 

Share this post :

Facebook
Twitter
LinkedIn
Pinterest

Leave a Reply

Your email address will not be published. Required fields are marked *