”කොත්මලේ බැම්මේ කටකතාව හැදුවේ කවුද හොයන්න..”

කට කතාවක් කරලා තියෙනවා කොත්මලේ ජලාශයේ බැම්ම පුපුරායාමේ අනතුරක් ඇති බවට කටකතාවක් යවා ඇති බවත් ඒ කවුද යන්න වහාම සොයා බැලීමට තමන් පොලිස්පතිවරයාට සහ බුද්ධි සේවාවන්ට දැනුම්දුන් බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක පවසයි. ජනාධිපතිවරයා බව සඳහන් කළේ අපදා තත්ත්වය පිළිබඳව පළාත් ආණ්ඩුකාරවරුන් සහ ප්‍රධාන ලේකම්වරුන් සමඟින් මාර්ගගතව පැවති සාකච්ඡාවකට එක්වෙමිනි. අවදානම් ප්‍රදේශවලින් ඉවත් නොවන අය […]

උසස් පෙළ විභාගයේ ඉතිරි විෂයන් ජනවාරි මුල

රටේ පැවති අයහපත් කාලගුණයත් සමග පැවැත්වීමට නොහැකි වූ අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ඉතිරි විෂයන් 2026 ජනවාරි මස මුල දී පැවැත්වීමට කටයුතු කරන බව අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් නාලක කලුවැව මහතා පවසයි. අද(02) මාධ්‍ය හමුවක් පවත්වමින් ලේකම්වරයා මේ බව කියා සිටියේය. එමෙන්ම පාසල් නැවත ආරම්භ කිරීම සම්බන්ධයෙන් පළාත් සහ […]

හිටපු ඇමති සී.බී. රත්නායක රිමාන්ඩ්

හිටපු අමාත්‍ය සී. බී. රත්නායක මහතාව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගෙන ඇත. එම කොමිෂන් සභාව විසින් සිදුකරන විමර්ශනයකට අදාළව ප්‍රකාශ ලබා ගැනීම සඳහා ඔහුව අද (02) පෙරවරුවේ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව වෙත  කැඳවා තිබුණි. අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගනු ලැබූ හිටපු අමාත්‍ය CB රත්නායක මහතා එළැඹෙන 16 වැනිදා දක්වා […]

ජීවිතක්ෂයට පත්වූ ගුවන් නියමුවාගේ අවසන් කටයුතු පූර්ණ ගුවන් හමුදා ගෞරව සහිතව

වෙන්නප්පුව, ලුණුවිල ප්‍රදේශයට හදිසි ගොඩබෑමක් සිදුකළ හෙලිකොප්ටර් යානයේ සිට ජීවිතක්ෂයට පත්වූ ගුවන් නියමුවාගේ අවසන් කටයුතු දෙසැම්බර් මස 4 වන දින පූර්ණ ගුවන් හමුදා ගෞරව සහිතව සිදුකිරීමට නියමිතව තිබේ. නිවේදනයක් නිකුත් කරමින් ගුවන් හමුදාව සඳහන් කළේ, ඒ මහතාගේ දේහය අද (02) දින ලුණුවිල පිහිටි නිවසේ තැන්පත් කිරීමට නියමිත බවය. ඒ අනුව අද සවස සිට රත්මලාන නිවස […]

“අපිත් ඔබත් එක්ක ඉන්නවා..” – ශ්‍රී ලංකාව ගැන පුටින් දුක් වෙයි

මෙරටට බලපා ඇති අයහපත් කාලගුණයෙන් සිදු වූ ආපදා හානී සහ සිදු වූ ජීවිත හානි සම්බන්ධයෙන් රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත සිය ශෝකය පළ කර තිබේ.  රුසියානු ජනාධිපතිවරයා X පණිවිඩයක් ඔස්සේ ජනාධිපතිවරයාට පවසා ඇත්තේ ඛේදවාචකය පිළිබඳව සිය ශෝකය පළ කරන අතර මෙම දුෂ්කර කාලය තුළ රුසියාවේ සහාය තවදුරටත් තහවුරු කරන බවය. […]

ආපදා මරණ 400 ඉක්මවයි – 336ක් අතුරුදන්

දිවයිනේ දිස්ත්‍රික්ක 25ටම බලපා ඇති ආපදා තත්ත්වය හේතුවෙන් සිදුවු ආපදා මරණ සංඛ්‍යාව 410ක් දක්වා ඉහළ ගොස් ඇතැයි ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය පවසයි. අද (02) උදෑසන 10ට නිකුත් කළ නවතම නිවේදනයට අනුව පුද්ගලයින් 336ක් අතුරුදන්ව ඇත. පවුල් 407,594කට අයත් පුද්ගලයින් 1,466,615ක් අයහපත් කාලගුණයෙන් පීඩාවට පත්ව සිටී. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිකුත් කළ වාර්තාවට අනුව වැඩිම මරණ සංඛ්‍යාවක් වන […]

මාර්ග රැසක් යළි ගමනාගමනයට විවෘත කෙරේ

අයහපත් කාලගුණයත් සමග ජල ගැලීම් සහ පස් කඳු කඩා වැටීම් හේතුවෙන් අවහිරවී තිබූ ප්‍රධාන මාර්ග රැසක් මේ වන විට ගමනාගමනය සඳහා යළි විවෘත කර තිබෙනවා. ඒ අනුව ඇල්ල – වැල්ලවාය, කොළඹ – අනුරාධපුර 57 මාර්ගය, මහනුවර – යාපනය, කුරුණෑගල – ත්‍රිකුණාමලය, පානදුර – රත්නපුර යන මාර්ග ගමනාගමනය සඳහා විවෘත කර ඇති බවයි ප්‍රවාහන, මහාමාර්ග සහ […]

ජල මට්ටම් පහව ගියත් අවදානම තවදුරටත්

ඉහළ ගොස් තිබූ ගංගාවල ජල මට්ටම් මේ වනවිට පහල යමින් පැවතිය ද අවදානම් තත්ත්වය තවදුරටත් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව, ඊයේ රාත්‍රිය වන විට කැළණි ගඟේ අවසන් ජල මාපකය වන නාගලගම්වීදිය ජල මාපකයේ ජල මට්ටමෙහි පහළ යාමක් දක්නට ලැබුණා. වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ නවතම නිවේදනයට අනුව එහි ජල මට්ටම අඩි 8.1ක් දක්වා පහත බැස තිබූ […]

‘ආපදා ආණ්ඩුව ඇති කළ දෙයක් නෙමෙයි’

ඇති වූ ආපදා තත්ත්වය රටේ ප්‍රශ්නයක් මිසක ආණ්ඩුව විසින් ඇති කරවූවක් නොවන බව ත් “ගින්න තිබෙන අවස්ථාවේ වතුර ගසා එය නිවිය යුතු” බව ත් සභානායක, අමාත්‍ය බිමල් රත්නායක පාර්ලිමේන්තුවේදී ඊයේ (දෙසැ. 1) පැවසීය. ඕනෑ ම ව්‍යසනයක් දේශපාලන වාසියට යොදා නොසිටීමේ සංස්කෘතියක් සිය පක්ෂයට තිබෙන බව ද අමාත්‍යවරයා පෙන්වා දුන්නේ ය. එමෙන් ම, ජනාධිපතිවරයා පැවැසූ පරිදි […]