වැලිකඩ බන්ධනාගාරයේ සිටි රැඳවියෙකු ගොඩනැගිල්ලක තෙවන මහලෙන් වැටී ජීවිතක්ෂයට පත්ව ඇති බව බන්ධනාගාර මාධ්ය ප්රකාශක පවසනවා.
මෙලෙස මිය ගොස් ඇත්තේ පාර්ලිමේන්තු මන්ත්රී අමරකීර්ති අතුකෝරාළ ඝාතන නඩුව සම්බන්ධයෙන් මරණ දඬුවම නියමව සිටි 28 හැවිරිදි සුපුන් තරිඳු සුනිල් රත්න යන පුද්ගලයායි.
මරණකරු ගොඩනැගිල්ලෙන් ඇදවැටීමෙන් අනතුරුව ඔහු රෝහල් ගත කර කිරීමට පියවර ගෙන තිබෙනවා.
ඉන් අනතුරුව ඔහු මිය ගොස් ඇති බව බන්ධනාගාර මාධ්ය ප්රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළා.
මෙලෙස ජීවිතක්ෂයට පත්වූ පුද්ගලයා ගම්පහ අධිකරණයෙන් තමන්ට නියම වූ මරණ දඬුවමට එරෙහිව මේ වන විට ශ්රේෂ්ඨාධිකරණයට අභියාචනයක් ඉදිරිපත් කර තිබූ අයෙක් බවද වාර්තා වනවා.
අරගලය පැවැති සමයේ ඉකුත් 2022 වසරේ මැයි 9 වැනිදා ශ්රී ලංකා පොදුජන පෙරමුණේ පොළොන්නරුව දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රි අමරකීර්ති අතුකෝරළ හා ඔහුගේ ආරක්ෂක නිලධාරී පොලිස් සැරයන් ජයන්ත ගුණවර්ධන, මන්ත්රිවරයාගේ මෝටර් රථයෙන් අරලිය ගහ මන්දිරයේ පැවැති ජන හමුවකට සහභාගි වී ආපසු පොළොන්නරුවේ සිය නිවස බලා යමින් සිටියා.
එහිදී නිට්ටඹුව නගර මධ්යයේ විරෝධතාවයක නිරත වූ පිරිසක් විසින් ඔවුන් දෙදෙනාට අමානුෂික අන්දමින් පොලු මුගුරුවලින් පහරදී ඝාතනය කළ අතර එම පහරදීම ආරක්ෂක කැමරාවල (CCTV) සටහන්ව තිබුණා.
අනතුරුව සිද්ධිය සම්බන්ධ විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සංවිධානාත්මක හා මනුෂ්ය ඝාතන විමර්ශන කොට්ඨාසයේ එවක අධ්යක්ෂ ජ්යෙෂ්ඨ පොලිස් අධිකාරී හේමාල් ප්රශාන්ත මහතාගේ ප්රධානත්වයෙන් සිදුකෙරුණා.
ඒ අනුව අදාළ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් රැසක් අත්අඩංගුවට ගත් අතර ඒ අතරින් 41 දෙනෙකෙුට එරෙහිව නඩු පවරනු ලැබුවා.
මෙම නඩුව විභාග කිරීම සඳහා විශේෂ විනිසුරු මඬුල්ලක් පත්කරන ලෙස නීතිපතිවරයා විසින් අගවිනිසුරුවරයාගෙන් ඉල්ලීමක් කර තිබූ අතර ඒ අනුව ත්රිපුද්ගල විශේෂ මහාධිකරණ විනිසුරු මඬුල්ලක් අගවිනිසුරුවරයා විසින් පත්කරනු ලැබුවා.
ඒ අනුව මාපා බණ්ඩාර, රශ්මි සිංගප්පුලි හා රසන්ත ගොඩවෙල යන මහාධිකරණ ත්රිපුද්ගල විනිසුරු මඬුල්ල නීතිපතිවරයා විසින් පත්කළා.
එහිදී සභාපති විනිසුරු සහන් මාපා බණ්ඩාර මහතා සියලු චූදිතයන් නිදොස් කොට නිදොස් කරන්න නියෝග කළද, සෙසු විනිසුරුවරුන් දෙදෙනා 12 දෙනෙකුට මරණීය දණ්ඩනය නියම කළා.



