උද්ගතව ඇති ආපදා තත්ත්වය සහ පාර්ලිමේන්තු කටයුතු පැවැත්වීම සම්බන්ධව සාකච්ඡා කිරීම සඳහා හදිසි පක්ෂ නායක රැස්වීමක් කැඳවා ඇත.
පාර්ලිමේන්තු සංකීර්ණයේදී අද (27) සවස 2 ට පැවැත්වෙන මෙම සාකච්ඡාවේදී පාර්ලිමේන්තුව පැවැත්වීම සම්බන්ධව තීරණයක් ගැනීමට නියමිතව තිබේ.
ආපදා තත්ත්වය සම්බන්ධයෙන් අද පෙරවරුවේ ජනාධිපතිවරයා සහ ආපදා ඇතිවූ ස්ත්‍රික්ක නියෝජනය කරන මන්ත්‍රීවරු අතර විශේෂ සාකච්ඡාවක් පැවැත්විණි.
ඒ අනුව මැති ඇමතිවරු මෙන්ම මන්ත්‍රීවරුද ආපදා ඇතිවූ ප්‍රදේශවලට ගොස් ජනතාවට සහන සැරසීම සඳහා අවශ්‍ය පියවර ගැනීමට නියමිතය.



