ශ්‍රී ලංකාවට ලකුණු 6ක තියුණු ජයක්

පාකිස්තාන කණ්ඩායම පරාජය කර තුන්කොන් විස්සයි20 ක්‍රිකට් තරගයේ අද (27) පැවති තීරණාත්මක තරගයෙන් ලකුණු 6ක තියුණු ජයක් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය. මෙම ජයත් සමග තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබාගැනීමටද ශ්‍රී ලංකාවට හැකිවිය. රාවල්පින්ඩිහිදි පැවැති මෙම තරගයේ ශ්‍රී ලංකා කණ්ඩායමෙන් හිමි වූ ලකුණු 185ක ඉලක්කයට පිළිතුරු ලෙස පාකිස්තානයට කඩුලු 7ක් දැවී රැස්කිරීමට හැකිවූයේ […]
“තාත්තට ලොකු අසනීපයක් නෑ.. වයසයිනේ”

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ සුවෙන් සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසනවා. මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඔහු සඳහන් කළේ “එහෙම ලොකු අසනීපයක් නෑ.. වයසයිනේ” ලෙසයි. එමෙන්ම ඔහුගේ ආශිර්වාදය නිරන්තරයෙන් පක්ෂයේ කටයුතුවලට තිබෙන බවද මන්ත්‍රීවරයා සඳහන් කළා.
අධිවේගී මාර්ගවල ගමනාගමනය නොමිලේ

පවතින අයහපත් කාලගුණය හේතුවෙන් අධිවේගී මාර්ග පද්ධතියේ සියලුම මාර්ගවල ධාවනය වන වාහන සඳහා ගාස්තු අය නොකරන බව මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් ඉංජිනේරු කේ.ඩඩ්ලිව්. කණ්ඩම්බි පවසනවා. දක්ෂිණ අධිවේගී මාර්ගය, කොළඹ පිටත වටරවුම් මාර්ගය, කටුනායක – කොළඹ අධිවේගී මාර්ගය, මධ්‍යම අධිවේගී මාර්ගය සහ දක්ෂිණ අධිවේගී මාර්ග දිගුව යන සියලුම මාර්ගවල ගමන් ගන්නා වාහන සඳහා පවතින අයහපත් […]
රජයේ ආයතනවලට හෙට නිවාඩු

පවතින අයහපත් කාලගුණය හේතුවෙන්, අත්‍යවශ්‍ය සේවා හැර අනෙකුත් රාජ්‍ය ආයතනවලට හෙට (28) දිනයේ නිවාඩු ලබාදීමට තීරණය කර තිබේ. රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය පැවසුවේ ඒ අනුව අත්‍යවශ්‍ය සේවා හැර අනෙකුත් රාජ්‍ය ආයතනවලට හෙට දිනය විශේෂ නිවාඩු දිනයක් වන බවය.
රටේම ආපදා තත්ත්වයක්.. කරන්න බැරිනම් රට අපිට භාර දෙන්න

අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් රටට සිදුව ඇති දැවැන්ත විනාශය හමුවේ, ආණ්ඩුව තවදුරටත් ජාතික ව්‍යසන තත්ත්වයක් ප්‍රකාශයට පත් කිරීමට අපොහොසත් වීම පිළිබඳව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අද (27) පාර්ලිමේන්තුවේදී දැඩි විවේචනයක් එල්ල කළේය. ගිණිකොන දිග මුහුදේ කිලෝමීටර් 170කට එහා ගැඹුරු පීඩන අවපාතයක් නිර්මාණය වී සුළි සුළඟක් බවට පත්වෙමින් තිබෙන මොහොතක පවා රජය නිහඬව සිටීම, ව්‍යසන කළමනාකරණය […]
ගොඩනැගිල්ලක සිරවී සිටි තිදෙනෙක් බෙල් 212 යානයකින් බේරා ගැනේ

දැදුරු ඔය පිටාර ගැලීමෙන් ඇතිවූ ගංවතුරෙන් විපතටපත් මහව ඇල්ල ප්‍රදේශයේ දෙමහල් නිවසක උඩු මහල තුළ සිරවී සිටි පුද්ගලයින් තිදෙනෙකු බේරා ගෙන තිබේ. ගුවන් හමුදාවට අයත් Bell-212 වර්ගයේ හෙලිකොප්ටර් යානයක් මගින් මෙම තිදෙනා නිරුපද්‍රිතව බේරා ගෙන ආරක්ෂිත ස්ථාන වෙත යොමු කර ඇත. ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ රත්මලාන කඳවුරට අනුයුක්ත මුදාගැනීමේ කණ්ඩායම විසින් මෙම මෙහෙයුම සිදු කර […]
ශ්‍රී ලංකාව ආසන්නයේ සුළි කුණාටුවක්

ශ්‍රී ලංකාවට ආසන්නයෙන් පැවති ගැඹුරු පීඩන අවපාතය අද ( 27) මීට කෙටි වේලාවකට පෙර සුළි කුණාටුවක් දක්වා වර්ධනය වී ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිල වශයෙන් තහවුරු කරයි. මෙම නව සුළි කුණාටුව “දිත්වා” (Ditwah) ලෙස නම් කර තිබේ. මෙම නාමය යේමනය විසින් යෝජනා කරන ලද්දකි. සුළි කුණාටු නම් කිරීමේ ක්‍රියාවලියට අනුව, ලෝක කාලගුණ විද්‍යා සංවිධානයේ […]
අයවැය විවාදය දින දෙකකට අවලංගුයි

පවතින ආපදා තත්ත්වය සැලකිල්ලට ගෙන හෙට සහ අනිද්දා යන දෙදින තුළ පාර්ලිමේන්තුවේ අයවැය කාරක සභා විවාදය නොපැවැත්වීමට තීරණය කර තිබේ. අද (27) දහවල් පැවැති පක්ෂ නායක රැස්වීමේදී මෙම තීරණය ගෙන ඇති බව සඳහන් ය. ඒ අනුව ලබන සඳුදා දිනයේදී යළි පාර්ලිමේන්තුව රැස්වීමට නියමිත අතර සඳුදා සහ අඟහරුවාදා යන දෙදින තුළ පාර්ලිමේන්තුව රාත්‍රිය දක්වාම පැවැත්වීමට මෙහිදී […]
හිටපු ජනපති මහින්ද රෝහලේ

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පෞද්ගලික රෝහලකට ඇතුලත්කර තිබෙනවා. ඔහුගේ මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ, හිටපු ජනාධිපතිවරයාගේ සෞඛ්‍ය පරීක්ෂණයක් සඳහා මෙලෙස රෝහලට ඇතුළත් කළ බවයි. හිටපු ජනාධිපතිවටයාගේ සෞඛ්‍ය තත්ත්වය යහපත් බවද මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළා.
ඉදිරි පැය 12 ඇතුළත සුළි කුණාටුවක් ?

ශ්‍රී ලංකාවට ගිනිකොණ දෙසින් පැවති පීඩන අවපාතය මේ වනවිට ගැඹුරු පීඩන අවපාතයක් දක්වා වර්ධනය වී ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. අද (27) ප.ව. 2ට අවවාදාත්මක දැනුම්දීමක් සිදුකරමින් ඔවුන් පවසා සිටියේ පීඩන අවපාතතය උතුරට බරව වයඹ දෙසට ගමන් කරමින් ඉදිරි පැය 12 තුළ සුළි කුණාටුවක් දක්වා වර්ධනය වීමට බොහෝ දුරට ඉඩ ඇති බවය. මේ වනවිට […]