අරවින්ද හා බිරිද අත්අඩංගුවට ගන්නැයි නියෝග කෙරේ..

ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් ක්‍රීඩක අරවින්ද ද සිල්වා මහතා සහ ඔහුගේ බිරිඳ වන ප්‍රියංගා අනුෂ්කා විජේනායක මහත්මිය අත්අඩංගුවට ගන්නා ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා අද (16) වරෙන්තු නිකුත් කර තිබෙනවා.

ශ්‍රීලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතාගේ බිරිඳ සම්බන්ධයෙන් පැවැත්වෙන නඩු කටයුත්තකට අදාළව ඇපකරුවන් ලෙස අරවින්ද ද සිල්වා මහතා සහ ඔහුගේ බිරිඳ පෙනී සිට ඇති බව සඳහන් වනවා.

කෙසේ වෙතත්, අදාළ නඩු කටයුත්ත සඳහා අධිකරණය හමුවේ පෙනී සිටීමට ඔවුන් අපොහොසත් වීම හේතුවෙන් මෙම වරෙන්තුව නිකුත් කර තිබෙනවා.

මේ අතර, අරවින්ද ද සිල්වා මහතාගේ මව වන රාණි ද සිල්වා මහත්මිය පසුගිය 14 වැනිදා අභාවප්‍රාප්ත වී තිබෙනවා.

ඇයගේ අවසන් කටයුතු සහ ආදාහන පූජෝත්සවය අද (16) සිදුකෙරෙන අතර, ඔහුට නඩු කටයුත්තට සහභාගී වීමට නොහැකි වී ඇත්තේ ඒ හේතුවෙන් බවද වාර්තා වුණා.

පසුගිය මැයි 08 වැනිදා ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතා මියගොස් සිටියදී සොයාගත් අතර, ඔහු මියගොස් ඇත්තේ හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක අරවින්ද ද සිල්වාගේ කොල්ලුපිටිය ප්‍රදේශයේ පිහිටි නිවසේදී බව හෙළි වුණා.

Share this post :

Facebook
Twitter
LinkedIn
Pinterest

Leave a Reply

Your email address will not be published. Required fields are marked *