යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය රාමනාදන් අර්චුනා සිය පෞද්ගලික වැටුප් වාර්තාව ප්‍රසිද්ධියට පත් කිරීමට පියවර ගෙන තිබේ.
අද (08) උදෑසන සිය නිල ෆේස්බුක් ගිණුම හරහා පසුගිය මාසයේ තමන්ට ලැබුණු පාර්ලිමේන්තු වැටුප් ලේඛනය ප්‍රසිද්ධ කරමින් මන්ත්‍රීවරයා මෙම සටහන තබා ඇත.
“සුභ උදෑසනක් ආදරණීය හිතවතුනි! මේ මගේ ගිය මාසයේ පාර්ලිමේන්තු වැටුපයි!” යනුවෙන් පවසමින් එම වැටුප් වාර්තාව ප්‍රසිද්ධ කර ඇති මන්ත්‍රීවරයා, අනෙකුත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ද ලැබෙන්නේ මෙවැනිම වැටුපක් බව අවධාරණය කර ඇත.
නමුත් ඒ පිළිබඳව ජනතාව මෙතෙක් නිසි ලෙස දැනුවත් වී නොමැති බව ඔහුගේ අදහසයි.
මෙහිදී මන්ත්‍රීවරයා විශේෂ ඉල්ලීමක් ද කර තිබේ. මන්ත්‍රීවරුන්ගේ වැටුප් සහ දීමනා පිළිබඳව විවිධ චෝදනා එල්ල වන පසුබිමක, “කෙනෙකු විවේචනය කිරීමට පෙර වරක් සිතන්න” යනුවෙන් ඔහු සිය සටහන මගින් ජනතාවගෙන් ඉල්ලා සිටියි.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද සහ වැටුප් පිළිබඳව දේශපාලන කරළියේ දැඩි සංවාදයක් පවතින අවස්ථාවක, මන්ත්‍රීවරයෙකු මෙලෙස විනිවිදභාවයකින් යුතුව තමන්ගේ වැටුප් වාර්තාව ජනතාව හමුවට ඉදිරිපත් කිරීම කෙරෙහි සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් ගේද අවධානය යොමුව තිබේ.



