ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට රුපියල් මිලියන 800කට ආසන්න අතිවිශාල පාඩුවක් සිදුකිරීමේ සිද්ධියකට අදාළව හිටපු අමාත්‍ය අර්ජුන රණතුංග සහ ධම්මික රණතුංග යන මහත්වරුන්ට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ අධි චෝදනා ගොනු කළ බව අල්ලස් කොමිසම අද (22) දැනුම් දුන්නා.
ඉහළ මිල ගණන් යටතේ ස්ථානීය ටෙන්ඩර් මඟින් ඛනිජ තෙල් මිලදී ගැනීම හරහා රජයට රුපියල් මිලියන 800කට ආසන්න මුදලක් අහිමි කිරීම යටතේ ඔවුන්ට චෝදනා එල්ල වුණා.
මෙම නඩුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා හමුවේ අද කැඳවනු ලැබූ අවස්ථාවේදී, අල්ලස් කොමිසමේ නිලධාරීන් විසින් කොලඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණයට දැනුම් දී තිබුණා.
කෙසේවෙතත් ඛනිජ තෙල් සංස්ථාවේ හිටපු සභාපතිවරයෙකු වන ධම්මික රණතුංග සහ එකල විෂයභාර අමාත්‍යවරයාව සිටි අර්ජුන රණතුංග යන දෙපළට එරෙහිව මෙම පියවර ගෙන තිබෙනවා.



